Saturday, April 15, 2017

ගෙයක් ප්‍රින්ට් කරගමුද?

ගෙයක් හදන එක මොන තරම් නං කරදර වෙන්න ඕනෑ වැඩක් ද? ඒත් මේ අලුත් තාක්ෂණයත් එක්ක හරිම සරල වෙන්නයි යන්නේ. තාක්ෂණය තමයි 3D Printing එහෙමත් නැත්නම් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය. මේක අලුත්ම අලුත් වැඩක් නෙමෙයි. ඒත් තාම අංගසම්පූරණ තාක්ෂණයකුත් නෙවෙයි. ඉතාමත් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින තාක්ෂණයක්. නිතර අන්තරජාලය පරහරණය කරන කෙනක් නම් මේ තාක්ෂණය ගැන අහල ඇති.

ඔන්න දැන් 3D මුද්‍රණය තවත් කඩඉමකට ඇවිත් තියනවා. ඒක ගොඩක්ම වැදගත් කඩයිමක්. ඒ තමයි ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතයයෙන් නිවසක් මුද්‍රණය කිරීම. මේක තමයි ත්‍රිමාණ තාක්ෂණයෙන් හදපු ලෝකයේ පළමු වාසයට සුදුසු නිවස. ඒක නෙවෙයි මේකේ තියන වටිනාම කාරණාව තමයි මේක හදන්න ගිහින් තියන්නේ පැය දවසකටත් වඩා අඩු කාලයක් වීම. මේක හදන්න වියදම් වෙලා තියන්නේ ඩොලර් 11,000 කටත් අඩු මුදලක්.
මේ ගෙදර තියන්නේ මොස්කව් වල. නිර්මාණය කරපු සමාගම ( tech startup Apis Cor) කියන විදියට මේ තාක්ෂණය වේගවත් හා කාර්ක්ෂම වගේම බොහොම විශ්වාසනීය සහ පරිසර හිතකාමී එකක් ලු. ඒ ගොල්ලෝ මේ නිවස මුද්‍රණය කරන්න පාවිච්චි කරලා තියන්නේ ජංගම මුද්‍රණ යන්ත්‍රයක්. නිර්මාණය කරලා තියන්නේ කොන්ක්‍රීට් වලින්. වහලය සහ ජනේල නම් මුද්‍රණය කරපුවා නෙවෙයි වෙනම ගෙදර ප්‍රින්ට් කලාට පස්සේ තමයි හයිකරලා තියන්නේ.
ගෙයක් ප්‍රින්ට් කරගන්න කැමති අය ඉන්නවනම් ඔන්න ට්‍රයි කරලා බලන්න. මට හිතෙන්නේ නම් මේක අපූරු වැඩක් කියලයි. වෙන වෙන විදියට හිතෙනව නම් (මොනවම හරි අදහසක් තියනවා නම්) කොමෙන්ට් එකක් දාලම යන්න.

2 comments:

  1. අම්මප මේ බාස්ලත් එක්ක ගෙවල් හදනවට වඩා දාහෙන් සම්පතයි මේ වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි බොලේ. බාස්ලත් නෑ නොවැ එක වගේ.... :-)

      Delete