සජීවීකරණ භාවිතය මගින් වෙබ් පිටුවක ආකර්ශණීය බව වැඩි කරගත හැකිය.
පාඨ කොටස් හෝ පින්තූරයන් දිශාවක් ඔස්සේ චලනය කිරීම මෙමගින් අදහස් කෙරේ. මේ සඳහා <MARQUEE> </MARQUEE> ටැග් එක භාවිතා කරයි.
මේ සමඟ භාවිතා වන අනු උපදේශ කේත.
කේතය හා කාර්යය | යෙදෙන ආකාර |
විස්තරය |
DIRECTION (චලනය වන දිශාව) |
<MARQUEE DIRECTION="RIGHT"> | අන්තර්ගතය දකුණට චලනය වේ. |
<MARQUEE DIRECTION="LEFT"> | අන්තර්ගතය වමට චලනය වේ. | |
<MARQUEE DIRECTION="UP"> | අන්තර්ගතය ඉහළට චලනය වේ. | |
<MARQUEE DIRECTION="DOWN"> | අන්තර්ගතය පහළට චලනය වේ. | |
BEHAVIOR (චලනයේ ස්වභාවය) |
<MARQUEE BEHAVIOR="SLIDE"> | චලනය එක් වරක් ක්රියාත්මක වී නවතී. |
<MARQUEE BEHAVIOR="SCROLL"> | චලනය නොනැවතී ක්රියාත්මක වේ | |
<MARQUEE BEHAVIOR="ALTERNATE"> | දෙපසට චලනය වේ. | |
SCROLLAMOUNT (චලනයේ වේගය) |
<MARQUEE SCROLLAMOUNT="10"> | අගය වැඩි වන විට වේගය වැඩි වේ. |
මවුස් පොයන්ටරය තැබූ විට චලනය නැවතීමට හා ඉවත් කළ විට නැවත ආරම්භ වීමට පහත පරිදි යෙදිය හැකිය
<MARQUEE onMouseOver="this.stop();" onMouseOut="this.start();">TEXT OR IMAGE</MARQUEE>
ක්ලික් කරන විට නැවතීමට හා අතහැරය විට නැවත ආරම්භ වීමට පහත පරිදි යෙදිය හැකිය
<MARQUEE onMouseDown="this.stop();" onMouseUp="this.start();">TEXT OR IMAGE</MARQUEE>
චලන නිර්මාණය දාහරණය බාගත කරගන්න

No comments:
Post a Comment