Sunday, June 18, 2017

ලියතඔරා මල - චන්දන ලියනආරච්චි

මෙන්න තවත් සිංදු ඇල්බම් එකක් ගෙනාවා. මේකත් ගොඩක් ජනප්‍රිය වුනු හැම සිංදුවක්ම ලස්සනයි කියන්න පුළුවන් ඇල්බම් එකක්. මට  පෝස්ට් එක හදන්න ගොඩක් වෙලා යන හින්දා මේ සැරේ සිංදු වෙන වෙනම ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් දාන්නේ නෑ. ඇල්බම් එක පළිවෙලට හදන්නත් වෙලාව ගියා. ඒ උනාට සිංදු ලිස්ට් එක පහලින් දානවා. වෙන වෙනම ඔනේ නම් ගූගල් එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන්නේ....

ලියතඹරා මල - චන්දන ලියනආරච්චි
  1. සුවඳ තියා මා ලඟ
  2. කවි සීපද ඇහෙන රෑට
  3. ඔබ කුමුදිනියක් වී
  4. ලියතඹරා මල
  5. සසල උනත් සිත - නිරෝෂා විරාජිනී සමඟ
  6. සිතුවිලි ගංඟා
  7. පාළු මුහද ඉසුරක් ගෙන දේ දෝ
  8. මහද ගගන තලේ
  9. ප්‍රේමය ලොව හැමතැනම ඇති
  10. සුමුදු වලාවක අඳුර වෙලා නුඹ
  11. පමා වැඩියි ඔබ
  12. ඇහැල මල් පිපෙනා
  13. සුකුමාල කුමරියේ
  14. දෙනුවන් හඬාවී
  15. සඳු හා මේ රාත්‍රි යාමේ
  16. සඳුට ආදරෙයි කියලා

Thursday, May 18, 2017

සුහද මාරු හොයනව ද?

රාජ්‍ය සේවයට ගිහින් මාරු වීමක් ගන්න ටිකක් (ගොඩක්) කරදර වෙන්න ඕනේ නේ. සුහද මාරුවක් තියනවනං ටිකක් ලේසි නිසිනේ කටිටිය සුහද මාරු හොයන්නේ. සුහද මාරු හොයන එකත් වද කරදර වැඩක් නිසා අධෛර්යය පත්වෙලාද? මෙන්න විසඳුම සුහද මාරුවක් හොයාගන්න ලේසි වෙන්න අලුත් වෙබ් සයිට් එකක් ඒ වෙනුවෙන්ම ආරම්භ කරලා තියනවා. (මම දන්න කෙනෙක්) මේක ගොඩක් විස්වාසකටයුතු සයිට් එකක්. (ඔය වෛරස් එහෙම එන්නෑ 😊😊😊) තාම පටන් ගත්ත ගමන් නිසා පළමු සිය දෙනා ෆී. ඉතින් අදම රෙජිස්ටර් වෙලා බලන්න. මේ ලින්ක් එකෙන් යන්න www.lankasuhadamaru.com





www.lankasuhadamaru.com

Saturday, April 22, 2017

ඇඟිලි තුඩින් හඬ අහන්න

මේකත් හරිම අපූරු නිර්මාණයක්. ඔබේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවොත් සමහරු ‍ ෆෝන් එක කනේ තියාගෙන ආන්සර් කරනවා, තවත් අය හෑන්ඩ් ෆී පාවිච්චි කරනවා, තවත් අය කනේ ඉඳන් කටට සහ කටේ ඉඳන් කනට පෝන් එක මාරු කරමින් කතා කරනවා (ඒකනම් මල විකාරයක්) ටිකක් ස්මාර්ට් කියලා හිතාගත්ත අය ස්මාට් ඔරලෝසුවෙනුත් දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වනවා.
යේත් වැඩක් නෑ. ඔය ඔක්කොම පරණ වැඩ. මෙන්න අලුත්ම ක්‍රමය. ඒක තමයි තමන්ගේ ඇඟිලි තුඩක් කනට තබාගෙන කතාකරීම (අර චිත්‍රපටිවල රහස්පරීක්ෂකයෝ කතාකරන්නේ...) මේක හඳුන්වන්නේ ඇඟිලිතුඩු සන්නිවේදනය (fingertip communication) කියලා.
මේකෙදී සිද්ධ වෙන්නේ ඇමතුම බ්ලූටූත් හරහා දරකථනයෙන් අතේ පළදීන උපාගයට සම්බන්ධ වෙලා එකේ තියන BCU - Body Conduction Unit කියන උපාංගය හරහා සිරුරට (අතට) සම්බන්ධ වෙනවා.  BCU තමයි මේ තාක්ෂණයේ ප්‍රධානම උපාංගය. මේකෙන් කරන්නේ ලැබෙන ශබ්ද තරංග වර්ධනය කරලා අත හරහා සම්ප්‍රේශණය කිරීම. ඝන ද්‍රව්‍යවල වඩාත් හොඳින් ශබ්ද තරංග ගමන් කරන නිසා ඔබේ ඇඟිලි තුඩින් මේක ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා.
මෙන්න නිෂ්පාදකයන්ගේ වෙබ් අඩවියේ ලිපිනය : https://www.kickstarter.com/projects/sgnlstrap/sgnl-make-phone-calls-with-your-fingertip 

Sunday, April 16, 2017

වැසිකිලියෙන් බියර්!

දකුණු කැලිෆෝනියා මධ්‍යසාර නිෂ්පාද ආයතනය ඔන්න තවත් අලුත් නිෂ්පාදනයක් එළිදක්වලා තියනවා. ඒකනම් ටිකක් අප්‍රසන්න හිනාත් යන වැඩක්.

එ්ක තමයි අපජලය එහෙමත් නැත්නම් භාවිතයෙන් පසු ඉවත් කරන අපිරිසිඳු ජලයෙන් බීර වර්ගයක් නිෂ්පාදනය. ඔවුන් මේ නිෂ්පාදනය නම් කරලා තියන්නේ Full Circle Pale Ale කියලයි. මේක හදන්න  වතුර අරගෙන තියන්නේ සැන් දියාගෝ වල අපවහන ජලය ප්‍රතිචක්‍රීකරණ  ව්‍යාපෘතියකින්.

අප ජලය දකිනකොට අප්‍රසන්න උනාට ප්‍රතිචක්‍රීකරණයෙන් පසසේ මේවා භාවිතයට සුදුසුයි කියලා මේ ගොල්ලෝ ඔප්පු කරලා තියනවා. අප ජලය පිරිසිඳු කරනවා බලන්න කැමති අය පහල වීඩියෝ එක බලන්න.
http://www.edwardsaquifer.net/media/water_recycling.mp4
මොකද හිතෙන්නේ කියලා පහලින් කොමෙන්ට් කරලාම යන්නකෝ.

Saturday, April 15, 2017

ගෙයක් ප්‍රින්ට් කරගමුද?

ගෙයක් හදන එක මොන තරම් නං කරදර වෙන්න ඕනෑ වැඩක් ද? ඒත් මේ අලුත් තාක්ෂණයත් එක්ක හරිම සරල වෙන්නයි යන්නේ. තාක්ෂණය තමයි 3D Printing එහෙමත් නැත්නම් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය. මේක අලුත්ම අලුත් වැඩක් නෙමෙයි. ඒත් තාම අංගසම්පූරණ තාක්ෂණයකුත් නෙවෙයි. ඉතාමත් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින තාක්ෂණයක්. නිතර අන්තරජාලය පරහරණය කරන කෙනක් නම් මේ තාක්ෂණය ගැන අහල ඇති.

ඔන්න දැන් 3D මුද්‍රණය තවත් කඩඉමකට ඇවිත් තියනවා. ඒක ගොඩක්ම වැදගත් කඩයිමක්. ඒ තමයි ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතයයෙන් නිවසක් මුද්‍රණය කිරීම. මේක තමයි ත්‍රිමාණ තාක්ෂණයෙන් හදපු ලෝකයේ පළමු වාසයට සුදුසු නිවස. ඒක නෙවෙයි මේකේ තියන වටිනාම කාරණාව තමයි මේක හදන්න ගිහින් තියන්නේ පැය දවසකටත් වඩා අඩු කාලයක් වීම. මේක හදන්න වියදම් වෙලා තියන්නේ ඩොලර් 11,000 කටත් අඩු මුදලක්.
මේ ගෙදර තියන්නේ මොස්කව් වල. නිර්මාණය කරපු සමාගම ( tech startup Apis Cor) කියන විදියට මේ තාක්ෂණය වේගවත් හා කාර්ක්ෂම වගේම බොහොම විශ්වාසනීය සහ පරිසර හිතකාමී එකක් ලු. ඒ ගොල්ලෝ මේ නිවස මුද්‍රණය කරන්න පාවිච්චි කරලා තියන්නේ ජංගම මුද්‍රණ යන්ත්‍රයක්. නිර්මාණය කරලා තියන්නේ කොන්ක්‍රීට් වලින්. වහලය සහ ජනේල නම් මුද්‍රණය කරපුවා නෙවෙයි වෙනම ගෙදර ප්‍රින්ට් කලාට පස්සේ තමයි හයිකරලා තියන්නේ.
ගෙයක් ප්‍රින්ට් කරගන්න කැමති අය ඉන්නවනම් ඔන්න ට්‍රයි කරලා බලන්න. මට හිතෙන්නේ නම් මේක අපූරු වැඩක් කියලයි. වෙන වෙන විදියට හිතෙනව නම් (මොනවම හරි අදහසක් තියනවා නම්) කොමෙන්ට් එකක් දාලම යන්න.

Wednesday, April 5, 2017

අසංක ප්‍රියමන්ත - සඳ දෙව්දුව


ගොඩක්ඔ කාලෙකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්න පුළුවන් උනේ පස්වෙනි මියුසික් ඇල්බම් එකත් ගෙනාවා. මේකත් හරිම ලස්සන අර්ථවත් ගීත 20 ක එකතුවක් අසංක ප්‍රියමන්ත දැන් සිංදු කියනකොට නහයෙන් කිව්වට ඒ කාලේ සිංදු හරි ලස්සනයි. අහලම බලන්නකෝ. ඩවුන්ලෝඩ් කලින් විදියමයි. සම්පූර්ණ ඇල්බම් එක වගේම වෙන වෙනම ඩවුලෝඩ් කරන්න පුළුවන්.

01 අඳුර ඉකිබිඳින Download
02 දැකුම්කලු දර්ශනී Download
03 ගීතයක් සේ Download
04 හුදකලා විරාමයේදි Download
05 කඳුලු හුරතල් වැඩිද මන්දා Download
06 කවියක් වී තොල් පෙති මත Download
07 කිරිල්ලියෝ Download
08 මගෙ සිතද ඔබෙයි Download
09 මල් වැහි සේ වැහි Download
10 මුදුන් වෙලා සිත Download
11 ඔබේ සිනා මුව මුව මඬලට Download
12 රනේරුවට රත්තරනින් Download
13 සඳ නාවත් Download
14 සද සාවි මගේ Download
15 සඳ සේ නිලම්බරේ Download
16 සීතල මීදුමේ Download
17 සිහින තොටින් Download
18 සිකුරා නලල් තලේ Download
19 සුරංගනාවෝ Download
20 සුසානයක නොදැවී Download


Monday, March 6, 2017

කොන්ක්‍රීට් මූලධර්ම පොත PDF ගන්න



කොන්ක්‍රීට් ගැන ඉගෙනගන්න ආස හැමෝටම මෙන්න කොන්ක්‍රීට් මූලධර්ම පිටු 75 ක් තියන පොතක් PDF ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පහල තියන ලින්ක් එකෙන් යන්න.

ඩවුනලෝඩ් කරගන්න පහලින් තියන Download Now කියන එකක් උඩ ක්ලික් කරන්න එතකොට වෙන ටැබ් එකක් ඕපන් වෙලා ඇඩ් එකක් එයි. තත්පර පහකින් ඒ පිටුවේ උඩ තියන Skip Ad බට්න් එක උඩ ක්ලික් කරන්න. ඒ විදියට දෙපාරක් කරනකොට ගූගල් ඩ්‍රයිව් එකෙන් ෆයිල් එක ඕපන් වෙයි. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. (එහි ඉහල කෙලවර පහලට ඊතලයක් ලෙස බට්න් එක තිබේ.)

Saturday, February 18, 2017

Best 10 Of Shreya Ghoshal

මේක හින්දි සිංදු ඇල්බම් එකක්. අලුත් හිංදි සිදු කොච්චර තිබුනත් ඒවයින් ලස්සන ඒවා තියන්නේ බොහොම ටිකයි. අලුත් ඒවයේ හැටි එහෙමනේ. මේ සිංදු දහයක ඇල්බම් එක ශ්‍රෙයා ඝෝෂාල් ගේ හොඳම සිංදු දහය කියලා කියන්න පුළුවන්. කොහොම උනත් හින්දි සිංදු හින්දා ඩවුන්ලෝඩ් කරගන්න සැකයක් හරි කම්මැලි හිතෙනවානම් එහෙම අය වෙනුවෙන් මම හැම සිංදුවකින්ම ටික ටික එකතුකරලා preview එකක් හැදුවා. ඕනේනම් ඒක අහලා බලන්න.
MP3 සම්පූර්ණ ඇල්බම් එක පහල තියන ඩවුන්ලෝඩ් බට්න් එකෙන ගන්න පුලුවන්. වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්.

01 Manwa Laage Download
02 Aankho Ko Aankho Se Download
03 Bhool Jayenge Hum Download
04 Ghar Dil Me Download
05 Tanha Tanha Download
06 Tum Jo Mile Ho To Download
07 Aaj Dil Mein Tere Download
08 Jaadu Sa Chal Gaya Download
09 Fiza Mehaki Mehaki Download
10 Kuchh Meetha Ho Jaye Download

සම්පූර්ණ ඇල්බමය ඩවුන්ලෝඩ් කරගන්න (57.3MB)

Friday, February 10, 2017

උපාසකකම නැතිවෙන හැටි

අද පෝය දවසනේ මට හිතුනා ධර්මදේශනාවක් පෝස්ට් කරන්න. මේ දේශනාව පොඩි පොත් පිංචක් විදියට හදලා පන්සලේ සිල්ගන්න ආපු උපාසක උපාසිකාවන්ට බෙදලා දුන්නා අපි එක පෝය දවසක. ඔන්න මෙදා මම ඒක  බ්ලොග් අවකාශයේ උපාසක උපාසිකාවන්ටත් බෙදලා දෙනවා. 😄 කියවලා බලන්න, නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න.


උපාසකකම නැතිවෙන හැටි දැනගන්නකෝ එහෙනම්,

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සත්තිමේ භික්ඛවෙ ධම්මා උපාසකස්ස
පරිහානාය සංවත්තන්ති කතමේ සත්ත
(උපාසක පරිහානී සූත්‍රය, අංගුත්තර නිකාය)
කාරුණික පින්වත්නි,
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යනුසිව්වනක් පිරිසයි. එසේත් නැත්නම් ශ්‍රාවක බුදු පිරිසයි. මෙයින් උපාසක, උපාසිකා දෙපිරිස එම තත්වයට පත්වීමට අවශ්‍ය කරුණු බොහෝ තිබේ. උපාසක උපාසිකා තත්වය නැති වීමට බලපාන හේතු හතක්, තථාගත බුදු රජාණන් වහන්සේ විසින්,  උපාසක පරිහානීය සූත්‍රය තුළින් දේශනා කර තිබේ. එම කරුණු අවබෝධ කරගැනීම උපාසක උපාසිකා බව රැක ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.
          උපාසක බව අහෝසි වන පළමුවන කරුණ නම් භික්ෂූදස්සනං හාපෙති එනම්, භික්ෂූන් වහන්සේලාගේ ඇසුර අකමැති වීමයි. ශ්‍රමණ දර්ශනය මංගල කරුණක් බව මංගල සූත්‍රයේදී දේශනා කර තිබේ. කුඩා කල සිටම භික්ෂූන් වහන්සේලාගේ ඇසුරට වැටීමෙන්, ලැජ්ජා භය දෙකින් යුතුව, ශීලාචාර ගති පැවතුම්වලින් හා මිනිසත්කම් වලින් පිරි තැනැත්තෙකු බවට පත්වෙයි. බොදු පිළිවෙත අගයන යහපත් චරිතයක් ඇත්තා තෙරුවන් සරණ ගිය, තෙරුවන්ට ගරු කරන, තෙරුවන්ට හිතවත් අයෙකි. ඔහු උපාසකයෙකි. එසේ වීමට මුලින්ම භික්ෂූ ආශ්‍රය අතිශයින් වැදගත්ය.මහානාම සූත්‍රයට අනුව, උපාසකයෙකු තුළ ශ්‍රද්ධාව, ශීලය, ධර්මඥානය, ත්‍යාගශීලී බව හා නුවණැති බව තිබිය යුතු වෙයි. එම ලක්ෂණ වර්ධනය කරගැනීමට භික්ෂුවකගේ ආශ්‍රය අවශ්‍යම වෙයි. එයට අකමැති වේ නම් අංගසම්පූර්ණ උපාසකත්වයක් ලැබීම අපහසුය.
          උපාසකත්වයෙන් පිරිහෙන දෙවන කරුණ සද්ධම්මසවණං පමජ්ජති යන්නය. එනම් කුසල්දහම්හි වහවහා නොයෙදෙන ස්වභාවය හෙවත් වැඩකටයුතු කෙරෙහි දක්වන මැලිකමයි. එසේත් නැත්නම්, දහම් කරුණු ඇසුමට දක්වන අකැමැත්ත හා පමාවයි. තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙකු සසර බියකරු බව ගැන නිතර නිතර මෙනෙහි කළ යුතුය. එනිසා මෙලොව මෙන්ම පරලොව සුව සදහා ද සසර දුක් කෙළවර කරනු සදහාද වහ වහා පින්කම්වල යෙදීම වටියි. කිසිලෙසකින් හෝ පසුබට නොවී, ශ්‍රද්ධාව, ශීලය, දහම් දැනුම, ත්‍යාගශීලී බව හා ප්‍රඥාව වැඩිදියුණු කරගැනීමට කටයුතු කළ යුතුය. එසේ නොවුනහොත් උපාසකත්වය පිරිහෙයි.
          තෙවන උපාසක පරිහානීය කරුණ වන්නේ අධිසීලෙ න සික්ඛති යන්නයි. එනම් අධිසීලයෙහි නොහික්මීමයි. තමාගේ සිල්වත් බව වැඩිදියුණු වන සේ කටයුතු නොකිරීමයි. උපාසක උපාසිකාවන් සැමවිටම උත්සාහ කළ යුත්තේ, තමා හිටියාට වඩා හොද අයෙකු වීමටයි. මේ වසරේ තමා තුළ පැවති සිල්වත්කමට වඩා වැඩි සිල්වත් බවක් ලබන වසරේ පවත්වාගෙන යාමට උත්සාහ කළ යුතුයි. පන්සිල් රැකි තැනැත්තා අටසිල් ද, අටසිල් රැකි තැනැත්තා දසසිල් ද ආරක්ෂා කිරීමට උත්සාහ කළ යුතුයි. කල්යත්ම සිල්වත්කම වැඩිවනවාත් සමගම තමා තුළ පැවති අඩුපාඩු දුරුවලකම්, වැරදි මගහරවා ගැනීමට ක්‍රියා කළ යුතුයි. එසේ නොකළොත් උපාසක බවින් පිරිහෙයි.
          සිව්වන උපාසක පරිහානීය කරුණ, අප්පසාද බහුලො හොති, නවේසු ච මජ්ඣිමේසු ච , ථෙරෙසු ච නවක මධ්‍ය ස්ථවිර සියලු භික්ෂූන් කෙරෙහි අප්‍රසාද බහුලව ඇත්තෙකු සේ ක්‍රියා කිරීමය. නියම උපාසක උපාසිකාවන් කිසිවිටෙක භික්ෂුන් කෙරෙහි කලකිරෙන්නේ නැත. මෙහිදී විශාඛාවන්ගේ චරිතය ආදර්ශයට ගැනීම වැදගත්ය. යම් යම් විනය විරෝධී දුශ්ශීල ක්‍රියාවල යෙදෙන නොහික්මුණු භික්ෂූන් සමාජයේ සිටි බවට සාධක ඕනතරම් තිබේ. එබදු අයගේ ක්‍රියාකලාප නිසා සැදැහැවත් උපාසක උපාසිකාවන් අපැහැදීමක් ඇතිකර නොගෙන, තමාට හැකිනම්, තමා දුටු වරද කරුණාවෙන් පෙන්වාදීමට උත්සාහ කිරීම යහපත්ය. භික්ෂූන් වහන්සේ නමක් සමග අවංකව හිතවත් වී යම් වරදක් පෙන්වාදිය හැකිනම්, එම භික්ෂුව කිසිවිටක අමනාප නොවෙයි. භික්ෂූන් කෙරෙහි අපැහැදී ක්‍රියා නොකොට ශාසනහිතකාමීව ක්‍රියා කරන, යහපත් උපාසක උපාසිකාවන් සිටීම ශාසනයේ පැවැත්මට බෙහෙවින් ප්‍රයෝජනවත් ය. භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය ඇතිකරගෙන ක්‍රියා කොට උපාසකත්වය ද නැතිකරගන්නා ඇතැම් අය සසුනට ද බලවත් හානියක් සිදු කරති.
          පස්වන උපාසක පරිහානීය කරුණ නම් උපාරම්භ චිත්තෝ ධම්මං සුණන්ති රන්ධගවේසි වැරදි සොයන අදහසින් ධර්මය ඇසීමයි. යහපත් උපාසක උපාසිකාවන් ධර්මශ්‍රවණය කරන්නේ, සැබැවින්ම දහම් දැනුම වර්ධනය අපේක්ෂාවෙන්මය. එසේ නැතිව ධර්මයේ අඩුපාඩු සෙවීමේ අදහසින් යමෙක් බණ අසයිනම් ඒ හොද උපාසකයෙකු නොවේ. හරිහැටි දහම් කරුණු ඉගෙන නොගෙන, ඒවා ප්‍රචාරය කිරීම හා විවේචනය කිරීම කිසිසේත්ම නොකළ යුතු දෙයකි. එසේම අතනින් මෙතනින් සොයා දැනගත් කරුණුවලින් තමා දහම් දැනුමැත්තෙකැයි සිතමින් ආඩම්බරවීම හා කැපීපේන්නට උත්සාහ දැරීම ද අනෙක් අය හෙළා දැකීම ද උපාසක ලක්ෂණයක් නොවේ. එතුළින් ද උපාසක බව පිරිහෙයි.
          උපාසකත්වයට හානි කරන සවැනි කරුණ නම් ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවේසති මේ බුදුසසුනෙන් පිටත වෙනත් පිදිය යුතු දක්ෂිණාර්හ පුද්ගලයන් සොයා ඔවුන් පසුපස ගොස් වෙහෙසීමයි. ඇතැමුන්, සියලු කෙලෙසුන් නසා දෙව් මිනිසුන්ගෙන් වැදුම් පිදුම් ලැබුමට යෝග්‍ය බුදුරජාණන් වහන්සේ දෙවැනි තැනට තබා වෙනත් දෙවි දේවතාවුන් පිහිට පතන අවස්ථාද එමට තිබේ. හරසුන් මිත්‍යා මතවල එල්ලී ඒ පසුපස යන අවස්ථා ද දැකිය හැකිය. එවැනි මිත්‍යා මත අන් අය මතද  පැටවීමට උත්සාහ ගන්නා අවස්ථා ද තිබේ. එයද උපාසක බව පිරිහෙන ලක්ෂණයකි.
          සත්වන උපාසක පරිහානී කරුණ නම්  තත්ථ ච පුබ්බකාරං කරොති  මිත්‍යා මත හා දෙවිදේවතාදීන් පසුපස යන අතර ඒ වෙනුවෙන් වෙහෙසීම හා ශ්‍රමය, ධනය කාලයද කැප කිරීමයි. මෙසේ ක්‍රියාකරන උදවිය සමාජයේ කොතෙකුත් හමුවෙයි. උතුම් බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දහම හරිහැටි අවබෝධ කරගන්නට අසමත් වීම කෙතරම් අභාග්‍යයක් ද? නිසරු දේ පසුපස ගොස්, දුකට පත්වන මෙබදු අයට මෙලොව පරලොව දෙකෙහිම සැපතක් නම් කිසිවිටෙකත් නො ලැබෙනු ඇත. වරක් සක්දෙවිදුන්, තුන්විටක දොහොත් මුදුන් දී සාධුකාර දෙනු දුටු මාතලී දිව්‍ය පුත්‍රයා විසින් විමසුවේ, ඔබතුමා ඔය නමස්කාර කළේ කාටද? යනුවෙනි. එවිට ශක්‍රයාගේ පිළිතුර වූයේ තමා නමස්කාර කළේ පින්වත්, සිල්වත්, ආදර්ශවත් ගෘහජීවිත ගත්කරන උපාසක උපාසිකාවන්ට බවයි. එයින් පැහැදිලි වන්නේ, සිල්වත් ආදර්ශවත් උපාසක උපාසිකාවන්, දෙවිදේවතාවන්ගේ වැදුම් පිදුම්වලට පවා සුදුසු බවයි. එනිසා පින්වත්නි, උපාසක භාවය ආරක්ෂා වන සේ කටයුතු කිරීමට කවුරුත් අදිටන් කරගනු මැනවි.
තෙරුවන් සරණයි!
හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති උඩරට අමරපුර මහ නිකායේ මධ්‍යම දිශාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මාතලේ විද්‍යානන්ද පරිවෙනාධිපති බටුගොඩ සංකිච්චායන නාහිමි.

PDF ඩවුන්ලෝඩ් කරගන්න



Wednesday, February 8, 2017

පාරමිතා - ශශිකා නිසංසලා

මෙන්න තුන්වෙනි මියුසික් ඇල්බම් එකත මේක විශාරද සශිකා නිසංසලා ගායනා කරන පාරමිතා කියන මියුසික් ඇල්බම් එක. මේකත් හරිම අපූරු ගීත එකතුවක්. ගීත 14ක් තියනවා.
සම්පූර්ණ ඇල්බම් එක පහල තියන ඩවුන්ලෝඩ් බට්න් එකෙන ගන්න පුලුවන්. වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

01 බිත්ති පත්තරේ Download
02 කරදිය සුළඟේ Download
03 පන්හිඳට මිතුරු වෙලා Download
04 පාරමිතා නොපුරමු Download
05 රන් සමනලියන්නේ Download
06 සඳ එළිය මමයි නම් Download
07 සඳ රෑට රෑට Download
08 සඳට කියන කවිය Download
09 සඳේ කැලුම් සිනාසී Download
10 සීත සඳුන් දෙනෙතේ Download
11 සෙනෙහස පුර හඳ වෙනදා Download
12 සියපතක් පිපුනා Download
13 සුළං පිපෙයි මල් කැළඹෙයි Download
14 තොල් පෙති විතරක් Download


Tuesday, February 7, 2017

හය හතර දන්නවාද?

"හය හතර නොදන්න දරුවා කියන කරන දේවල් ගැන මොකටදෑ ඔච්චර කලබල වෙන්නේ?" මෙවැනි යෙදුම් අපේ ජනවහරේ ඉතාමත් සුලබව දකින්න පුළුවන්. ඒත් කටවහරට භාවිතා කලාට ගොඩක් අය මේ හය හතර වගේ යෙදුම් වල අර්ථය ගැන දන්නේ නෑ. හිතන්නෙත් නෑ. ඒත් ඒ වගේ පුංචි වචනවලට ගැඹුරු අර්ථයක් තියනවා.

උදාහරණයක් විදියට මම තෝරගත්ත හය හතර කියන යෙදුම බුදු දහමත් එක්ක බැඳී පවතින යෙදුමක්.හය කියන්නේ දිව්‍යලෝක හය. ඒ කිව්වේ චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය හා පරනිම්මිත වසවර්තිය කියන දිව්‍ය ලෝක හයයි. එතකොට හතර කියන්නේ නරක, තිරිසන් ප්‍රේත හා අසුර කියන අපාය හතරයි. අපි දන්නවා දිව්‍යෙලෝකෙය යන්න පිං කරන්න ඕනේ බවත්, පව් කලොත් අපායගාමී වන බවත්. ඒ අනුව බලනකොට අපිට අර මම කලින් ගත්ත ප්‍රකාශය මේ විදියට විවරණය කරන්න පුළුවන්.  "තාම පිං පව් ගැනවත් නොදන්න දරුවා කියන කරන දේවල් ගැන මොකටදෑ ඔච්චර කලබල වෙන්නේ?".

ඒ වගේ තවත් යෙදුමක් තමයි අටුවා ටීකා ටිප්පණි.  මේ යෙදුම දැන්නම් බහුලවම භාවිතා වෙන්නේ නෑ. "මට ඕවා අටුවා ටීකා ටිප්පණි එක්ක කියන්න බෑ...." ආදී වශයෙන් මෙය භාවිතා වෙනවා.

මොනවාද මේ අටුවා ටීකා ටිප්පණි කියන්නේ? අටුවා කියන්නේ ත්‍රිපිටකයේ නොපැදිලි තැන් පැහැදිලි කරීමට ලියූ අර්ථ කතා. ටීකා කියන්නේ අටුවේ නොපැහැදිලි තැන් පැහැදිලි කරන්නයි. ටිප්පණි වලින් ටීකාත් විස්තර කෙරෙනවා. මේවා ගොඩක් පුළුල් මාතෘකා මම කිව්වේ මූලික අදහස විතරයි. එත‍ෙකාට කටවහ‍රේ මේක යෙදෙන්නේ මට ඕවා වැඩිපුර විස්තර කරන්න බෑ කියලා කියන්නයි.

මේවගේ තව ගොඩක් යෙදුම් අපේ ජනවහරේ තියනවා. දන්නවනම් අනිත් අයටත් දැනගන්න කමෙන්ට් කරලා යන්න.

Saturday, February 4, 2017

නව සියවසට නව රිද්ම - එඩ්වඩ් ජයකොඩි

සරිගම සිංදු ඇල්බම් එත දැම්මට පස්සේ මට හිතුනා පරණ මියුසික් ඇල්බම් ටිකක් දාන්න ඕනෙ කියලා. පටන් ගැනීමක් විදියට විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ගීත 16 ක් ඇතුලත් නව සියවසට නව රිද්ම කියන ඇල්බම් එක දාන්න හිතුනා. මේ සිංදු තාමත් පරණ නෑ. ගොඩක් ඒවා නිතර අහන්න ලැබෙනවා. එත් ඇල්බම් එකක් විදියට පෙලගස්වල අහන එක ටිකක් වෙනස් විදියෙ රසවින්දනයක් ලැබෙන දෙයක්නේ. ඒ නිසා තමයි මම මේක තෝරගත්තේ.
සම්පූර්ණ ඇල්බම් එක පහල තියන ඩවුන්ලෝඩ් බට්න් එකෙන ගන්න පුලුවන්. වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
01 මේ මල් යායේ Download
02 නිහඬ කල්පනා ලොවක තනිවෙලා Download
03 සිරි යහනේ ලණු ඉහිරී Download
04 සමනලයා මල හා ළමයා සේ Download
05 යලි උදාවූ වසන්තේ ලෙසින් Download
06 මේ ඉර හඳ යට හමුවී Download
07 පන්සලේ පල්ලියේ Download
08 සිහිනයේ මල් පිපී Download
09 නෙතු දැහැන් බිඳී හද විමන් වඩී Download
10 මල් මාලතී ලතා Download
11 අකීකරුද ඔබේ සිතත් Download
12 වසන්තයේ අග හමුවෙමු Download
13 තෙදින විරාජ Download
14 මේ ප්‍රේම කතා නවතා මොහොතක් Download
15 මගෙ කඳුලින් නිමා වූ මාවතේ Download
16 මිනිසා හඳට ගියාලු Download


Tuesday, January 31, 2017

බාගය සහ භාගය

මට බාග භාග ගැන එකපාරටම කතාකරන්න හිතුනේ බාගයයි භාගයයි අතර වෙනස නොදන්න ගොඩක් අය ඉන්නවා කියලා මට පෙනීගිය හින්දයි.  දවසක් මම ඕක ගැන කතාකරන්න ගිහිල්ලා ගොඩක් අය පුදුමයෙනුත් පුදුමයට පත්උන හින්දයි. සිංහල භාෂාවේ අකුරක් එහාමෙහා කලාම වෙනස් තේරුම් ඇතිකරන්න පුළුවන් බව හැමෝම දන්නවනේ.(හැම බාසාවක්ම වගේ එහෙම තමයි.)  පුදුමවෙන්ඩ හේතුවක් නෑ. මේකත් ඒවගේ සර්ව සම්පූර්ණයෙන්ම වෙනස් තේරුම් දෙකක් තියන වචන දෙකක්.
බාගය කියන්නේ ඕනැම දේකින්, ඕනෑෑම දේකින් බාගයක්ම තමා. එ් කිව්වේ පාන් ගෙඩියක් ගෙඩියක් ගත්තොත් ඒක සමානව කොටස් දෙකකට කපලා ගන්න එක කොටසක්. නමුත් භාගයක් කියන්නේ එහෙම කොටසක් නෙවෙයි. ඒක ඕනෑම කොටසක් පාන් ගෙඩියෙන් පුංචි පෙත්තක් කපලා ගත්තත්, පුංචි පෙත්ත ඉතුරු කරලා අනිත් ටික ගත්තත් ඒ දෙකම භාග විදියට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අටෙන් එක, හතරෙන් එක වගේම දෙකෙන් එකත් භාගයක් කියන එකයි.
ඒ අනුම බලනකොට මේ දෙක අතර තියන සම්බන්ධය තමයි, බාගයත් එක්තරා විදියක භාගයක්ම තමා කියන එක. නමුත් භාග කියලා ගත්තහම ඒ වචනයෙන් බාගය වගේම කාල තුන්කාල වගේ ඕනෑම කොටසක් අදහස් වෙන්න පුළුවන්. 

Friday, January 27, 2017

සරිගම ඔරිජිනල් සිංදු ඩවුන්ලෝඩ්

සරිගම චිත්‍රපටයේ සියලුම ගීත Original MP3 ලෙස වෙන වෙනම හෝ එකම අැල්බම් එකක් ලෙස ඩවුන්ලෝඩ් කරගන්න.
තති ගීත වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමේදී අදාල ගීතය ඕපන් වූ පසුව එහි ලින්ක් එක කොපි කර http://scdownloader.net හි පේස්ට් කර ඩවුන්ලෝඩ් කරගන්න

මේ කඳුපෙල
උරේෂා රවිහාරි
Dwnload

සුරිඳුනේ
සමූහ ගීතතයක්
Dwnload

මේක හැරිම ගැටලුවක්
නන්දා මාලනී ඇතුලු පිරිස
Dwnload

පිහාටුවක් දෝ මා
උරේෂා රවිහාරි
Dwnload

වෙනදට නොකියන 1
ශෂිකා නිසංසලා, හර්ෂණ දිසානායක
Dwnload

සමනලයින් පාට පාට 1
උරේෂා රවිහාරි ඇතුලු පිරිස
Dwnload

සංගීත පාඩම (සරිගම)
උරේෂා රවිහාරි ඇතුලු පිරිස
Dwnload

සඳ කැලුම් වැදී
ළමා පිරිස
Dwnload

පුරසඳ හැඩයි
එඩ්වඩ් ජයකොඩි
Dwnload

Good Night ගීතය
ශෂිකා නිසංසලා ඇතුලු පිරිස
Dwnload

ගිරිකුල පාමුල සිට
නන්දා මාලනී
Dwnload

වෙනදට නොකියන 2
එඩ්වඩ් ජයකොඩි, උරේෂා රවිහාරි
Dwnload

සමනලයින් පාට පාට 2
ළමා පිරිස
Dwnload


සම්පූර්ණ ඇල්බමය ඩවුන්ලෝඩ් කරගන්න (63MB)

Thursday, January 19, 2017

සුගන්ධිනා හං ගන්ධේන....

හඳුන්කූරු කියන්නේ අපි හැමෝම දන්න නිතරම පාවිච්චි කරන දෙයක්. බෞද්ධ, හින්දු වගේ ආගම්වල බැතිමතුන් පූජා ද්‍රව්‍යයක් විදියට තමයි ගොඩක් වෙලාවට හඳුන්කූරු පාවිච්චි කරන්නේ. සමහරු හඳුන්කූරු නිෂ්පාදනයට යොදාගන්නා මිශ්‍රණය පොඩ්ඩක් වෙනස් කරලා මදුරු විකර්ශක හඳුන්කූරු වගේ විවිධ නිෂ්පාදන ඉදිරිපත් කරනවා. ඒ වගේ නිෂ්පාදන හැමෝම කරනවාද කියන්න මම දන්නේ නෑ. ස්වයං රැකියාවක් විදියට හඳුන්කූරු නිෂ්පාදනය කරන මං දන්න කෙනෙක් මේ මදුරුකූරු හදනවා මං දැකලා තියනවා.
උඩ තියන ඡේදයෙන් මූලිකව මං උත්සාහ කලේ හඳුන්කුරු ගැන පොඩි හැඳින්වීමක් දෙන්න. වෙන ආගම් අත්හැරලා දැම්මත් බෞද්ධයේ විසාල වශයෙන්, ඉතා විශාල වශයෙන් හඳුන්කූරු බාවිතා කරනවා. මං නොකිව්වත් ඔය ලොකු ලොකු පන්සල්වල හඳුන්කූරු පත්තු කරලාතියන අයඒක හොඳට වටහාගෙන ඇති. මොකද එහෙම තැන්වල හඳුන්කූරක් පත්තු කරන්න තියා කෘතිම ඔක්සිජන් ටැංකියක් නැතුව ලං වෙන්නවත් බැරි තරමට දුං වලින් වැහිලා නිසා.  කොහොම හරි බැරි අමාරුවෙන් හඳුන්කූරක් පත්තු කරලා අපි ගාථාවකින්නේ ඕක පූජ කරන්නේ. මෙන්න මේකයි ඔය ගාථාව,
සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා හං ගන්ධේන - පූජයාමි තථාගතං

ඕක කියලා වඳිනකොට ඇතිවෙන ප්‍රශ්නේ තමයි, සුගන්ධිනා අපි කියමු හඳුන්කූරු කියලා හං ගඳ(හංගන්ධේන) උනේ කොහොමද කියන එක. ඔය උපාසක උදවිය ගාථා කියන වෙලාවක අහගෙන ඉඳලා බලන්න පලවෙන පද දෙකෙන් බුදුහාමුදුරුවන්ගේ සුගන්ධවත් ශරීරය ගැන වර්ණනා කරනවා. ඊට පස්සේ හං ගඳ ගහන හඳුන්කූරු බුදු හාමුදුරුවන්ට පූජා කරමි කියලා කියනවා. බලාගෙන ගියහම ඒකේ ඇති බොරුවකුත් නෑ. දැන් තියන ගොඩක් හඳුන්කූරු ජාතිවල සුවඳක් නෙමයි ලඟින් ගියත් දැන් හුස්ම හිරවෙලා මැරෙයි කියලා හිතෙන තරම් තදබල ගඳක්.

මම ලිපියක කියවලා තියනවා හඳුනකූරු දුමෙත් බොහොම භයානක විෂ සහිත වායුන් අන්තර්ගත වෙලා තියනවා කියලා. එහෙම බැලුවම අපි බුදුහාමුදුරුවන්ට යසයි කියලා පූජකරන්නේ විස දුමක්නේ. බුදුහාමුදුරුවෝ පිරිණිවන්පාලා ඉවරයිනේ. ඒ නිසා උන්වහන්සේට අපි හඳුන්කූරු වෙනුවට ඔතන ගල් අඟුරු පත්තු කරගත්තත් කමක් නෑ (ගල් අඟුරු දුමෙහි අන්තරගත කාබන් මොනොක්සයිඩ් මාරාන්තික වායුවකි) එතන බලපෑම වෙන්නෙත් පරිසරයට ඒ කියන්නේ අපිටම තමයි. ගමේ පන්සලේ හඳුන්කූරු දෙකතුනක් පත්තු කරනකොට අපිට ඒක නොතේරුනාට සිද්දිය බලන්නනම් ලොකු ප්ලේස් එකකට යන්න ඔනේ. (උදා: කළුතර බෝධිය). බුදු හාමුදුරුවෝ ඔයවගේ තැනක වැඩහිටියා නම් ඇතිවෙන තත්වය මං කියන්න ඔනේ නෑ. ඒක කුමාරතුංග මුනිදාසයන් එතුමාගේ 'කොහිද බුදුන්'(මට මතක හැටියට) කියන කෙටි කතාවේ බොහොම රසවත් විදියට ලියලා තියනවා. මම ඒ කතාව කවදාවත් කියවලා නැතිවුනත් (කියවන්න හෙව්වා. හම්බඋනේ නෑ.) කියවපු කෙනෙක් බොහොම අපූරු චිත්ත රූපයක් මැවෙන විදිය මට විස්සතර කලා. මම ඒක මෙතන ලියන්නේ නැත්තේ මම ඒක ලිව්වොත් මට ඒ විදියටම ලියන්න බැරි නිසා කතාව චා වෙන්න ඉඩ තියන නිසයි. ගාථාව ගැන කියනවනම් ඒක උච්චාරනය කරනකොට අකුරු වචන නිවැරදිව උච්චාරණය කිරීමෙන් ගැටලුව මග ඇරගන්න පුලුවන්.

Tuesday, January 3, 2017

හීන ගැන කතාවක්

හීන ගැන කතාකරන්නට හිතුනේය. හීන නම් මූලිකව දෙයාකාරයකට කියන්න පුලුවන්ය. ඒ දවල් හීන ත් රෑ හිනත් ලෙසය. දවල් හින ගැන නම් කතාකරන්නට දෙයක් ඇත්තේම නැත. දවල් හීන බලන්නට ගිය ගමරාලගේ මෝඩ පුත්‍රයා මුරුංගා ගහෙන් පෝසත් වූ හැටි නොදන්නා උදවිය නැතැයි මම හිතමි. එනිසා රෑ හීන ගැන කතාකරන්නටම හිතමි. මෙතැන්සිට හීන යැයි මම කියන්නේ ඒවාටය.
හීන ඈත අතිතයේ සිටම මිනිසා කුතුහලයටත් පුදුමයටත් පත්කරන සිතේ ඇතිවන චිත්ත රූප මාලාවකි. කො‍ටින්ම කියනවා නම් චිත්‍රපටියකි. සිත විසින්ම නිර්මාණය කරන හා එම සිත විසින්ම නරඹන හරිම අපූරු චිත්‍රපටියකි. මේවායේ ඇති සුවිශේෂී ලක්ෂණ කීපයක් ලෙස සිදු නොවිය හැකි කිසිවක් නැත සහ කුමක් සිදුවුවද එ් පිළිබඳ අවිශ්වාසයක් බලන මොහොතේ අපට ඇති නොවේ සහ එම සිහිනයේ කිසිදු අඩුපාඩුවක්ද අපට හඳුනාගත නොහැකිය. මෙම විශේෂ ලක්ෂණවලට හේතුව ලෙස මම අදහන්නේ නිර්මාණකරුවා විසින්ම නිර්මාණය රසවිදීමයි. තම නිර්මාණයේ කිසිදු අඩුවක් තමාට නොපෙනේ. වැරදිලාවත් එසේ වුවහොත් එතැනින් ඒ හීනය බිඳවැටිය යුතුය. මක් නිසාද යත් එම අඩු පාඩුව තුලින් මේ දකින දෙය යථාර්ථයක් නොවන බවට සිත විසින්ම තර්කයක් ගොඩනගන නිසාය. ඒ මම අසා ඇති දේවල් අනුව මට හිතෙන හැටිය.
නමුත් විවිධ උදවිය හීන ගැන විවිධාකාර අදහස් දරයි. හීන වලින් අනාවැකි ප්‍රකාශ වන බවත්, සිතේ අභ්‍යන්තරයේ ඇති කැළඹීම් නිරූපණය කරන බවත් ඒ අදහස්වලට උදාහරණ දෙකකි. නිර්මාණකරුවන් හා ප්‍රබන්ධ කරුවන්ද හීන වලින් විශාල ලෙස ප්‍රයෝජන ලබන්නෝය. මා එසේ කීවේ අපි ඉතාමත් ත්‍රාසයට පත්ව බලන චිත්‍රපටයක කොටසක් ඇතැම්විට අවසාන වන්නේ නළුවා හෝ නිළිය බයවී අවදිවීමෙනි. හීන ගැන කතාතරන චිත්‍රපට ගැන සැලකූ විට මට මතක් වන්නේ The Reincarnation Of Peter Proud නම් චිත්‍රපටය යි. Max Ehrlich විසින් රචනා කරන ලද Lee Thompson විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයට වඩා මගේ සිත් ඇදගත්තේ ඒ ඔස්සේ චන්දන මෙන්ඩිස් විසින් 'සිහිනයක රැඳි රහසක්' නමින් පල කොට ඇති නවකතාවයි.
හීන ගැන කතාකරන්නට නම් තව ගොඩක් දේ මතක් වෙන්නේය. ඒත් මතක් කරනවා හෝ කතාකරනවා තරම් ලිවීම හෝ ටයිප් කිරීම යස වැඩක් නොවේය. මටනම් එය මහා එපාම කරපු වැඩකි. එනිසා මෙතැනින් නවතිමි. අසා සිටි ඔබසැමට ස්තුතියි.

Sunday, January 1, 2017

හැමෝටම සුබ නව වසරක්

2017 හැමෝටම අලුත්, අලුත්ම අලුත් සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවුරුද්ද පුරාම මාත් එක්ක රැඳිලා ඉන්නත් ආරාධනා කරනවා.