Saturday, April 22, 2017

ඇඟිලි තුඩින් හඬ අහන්න

මේකත් හරිම අපූරු නිර්මාණයක්. ඔබේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවොත් සමහරු ‍ ෆෝන් එක කනේ තියාගෙන ආන්සර් කරනවා, තවත් අය හෑන්ඩ් ෆී පාවිච්චි කරනවා, තවත් අය කනේ ඉඳන් කටට සහ කටේ ඉඳන් කනට පෝන් එක මාරු කරමින් කතා කරනවා (ඒකනම් මල විකාරයක්) ටිකක් ස්මාර්ට් කියලා හිතාගත්ත අය ස්මාට් ඔරලෝසුවෙනුත් දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වනවා.
යේත් වැඩක් නෑ. ඔය ඔක්කොම පරණ වැඩ. මෙන්න අලුත්ම ක්‍රමය. ඒක තමයි තමන්ගේ ඇඟිලි තුඩක් කනට තබාගෙන කතාකරීම (අර චිත්‍රපටිවල රහස්පරීක්ෂකයෝ කතාකරන්නේ...) මේක හඳුන්වන්නේ ඇඟිලිතුඩු සන්නිවේදනය (fingertip communication) කියලා.
මේකෙදී සිද්ධ වෙන්නේ ඇමතුම බ්ලූටූත් හරහා දරකථනයෙන් අතේ පළදීන උපාගයට සම්බන්ධ වෙලා එකේ තියන BCU - Body Conduction Unit කියන උපාංගය හරහා සිරුරට (අතට) සම්බන්ධ වෙනවා.  BCU තමයි මේ තාක්ෂණයේ ප්‍රධානම උපාංගය. මේකෙන් කරන්නේ ලැබෙන ශබ්ද තරංග වර්ධනය කරලා අත හරහා සම්ප්‍රේශණය කිරීම. ඝන ද්‍රව්‍යවල වඩාත් හොඳින් ශබ්ද තරංග ගමන් කරන නිසා ඔබේ ඇඟිලි තුඩින් මේක ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා.
මෙන්න නිෂ්පාදකයන්ගේ වෙබ් අඩවියේ ලිපිනය : https://www.kickstarter.com/projects/sgnlstrap/sgnl-make-phone-calls-with-your-fingertip 

No comments:

Post a Comment