ClickOn

Tuesday, January 31, 2017

බාගය සහ භාගය

මට බාග භාග ගැන එකපාරටම කතාකරන්න හිතුනේ බාගයයි භාගයයි අතර වෙනස නොදන්න ගොඩක් අය ඉන්නවා කියලා මට පෙනීගිය හින්දයි.  දවසක් මම ඕක ගැන කතාකරන්න ගිහිල්ලා ගොඩක් අය පුදුමයෙනුත් පුදුමයට පත්උන හින්දයි. සිංහල භාෂාවේ අකුරක් එහාමෙහා කලාම වෙනස් තේරුම් ඇතිකරන්න පුළුවන් බව හැමෝම දන්නවනේ.(හැම බාසාවක්ම වගේ එහෙම තමයි.)  පුදුමවෙන්ඩ හේතුවක් නෑ. මේකත් ඒවගේ සර්ව සම්පූර්ණයෙන්ම වෙනස් තේරුම් දෙකක් තියන වචන දෙකක්.
බාගය කියන්නේ ඕනැම දේකින්, ඕනෑෑම දේකින් බාගයක්ම තමා. එ් කිව්වේ පාන් ගෙඩියක් ගෙඩියක් ගත්තොත් ඒක සමානව කොටස් දෙකකට කපලා ගන්න එක කොටසක්. නමුත් භාගයක් කියන්නේ එහෙම කොටසක් නෙවෙයි. ඒක ඕනෑම කොටසක් පාන් ගෙඩියෙන් පුංචි පෙත්තක් කපලා ගත්තත්, පුංචි පෙත්ත ඉතුරු කරලා අනිත් ටික ගත්තත් ඒ දෙකම භාග විදියට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අටෙන් එක, හතරෙන් එක වගේම දෙකෙන් එකත් භාගයක් කියන එකයි.
ඒ අනුම බලනකොට මේ දෙක අතර තියන සම්බන්ධය තමයි, බාගයත් එක්තරා විදියක භාගයක්ම තමා කියන එක. නමුත් භාග කියලා ගත්තහම ඒ වචනයෙන් බාගය වගේම කාල තුන්කාල වගේ ඕනෑම කොටසක් අදහස් වෙන්න පුළුවන්. 

Friday, January 27, 2017

සරිගම ඔරිජිනල් සිංදු ඩවුන්ලෝඩ්

සරිගම චිත්‍රපටයේ සියලුම ගීත Original MP3 ලෙස වෙන වෙනම හෝ එකම අැල්බම් එකක් ලෙස ඩවුන්ලෝඩ් කරගන්න.
තති ගීත වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමේදී අදාල ගීතය ඕපන් වූ පසුව එහි ලින්ක් එක කොපි කර http://scdownloader.net හි පේස්ට් කර ඩවුන්ලෝඩ් කරගන්න

මේ කඳුපෙල
උරේෂා රවිහාරි
Dwnload

සුරිඳුනේ
සමූහ ගීතතයක්
Dwnload

මේක හැරිම ගැටලුවක්
නන්දා මාලනී ඇතුලු පිරිස
Dwnload

පිහාටුවක් දෝ මා
උරේෂා රවිහාරි
Dwnload

වෙනදට නොකියන 1
ශෂිකා නිසංසලා, හර්ෂණ දිසානායක
Dwnload

සමනලයින් පාට පාට 1
උරේෂා රවිහාරි ඇතුලු පිරිස
Dwnload

සංගීත පාඩම (සරිගම)
උරේෂා රවිහාරි ඇතුලු පිරිස
Dwnload

සඳ කැලුම් වැදී
ළමා පිරිස
Dwnload

පුරසඳ හැඩයි
එඩ්වඩ් ජයකොඩි
Dwnload

Good Night ගීතය
ශෂිකා නිසංසලා ඇතුලු පිරිස
Dwnload

ගිරිකුල පාමුල සිට
නන්දා මාලනී
Dwnload

වෙනදට නොකියන 2
එඩ්වඩ් ජයකොඩි, උරේෂා රවිහාරි
Dwnload

සමනලයින් පාට පාට 2
ළමා පිරිස
Dwnload


සම්පූර්ණ ඇල්බමය ඩවුන්ලෝඩ් කරගන්න (63MB)

Thursday, January 19, 2017

සුගන්ධිනා හං ගන්ධේන....

හඳුන්කූරු කියන්නේ අපි හැමෝම දන්න නිතරම පාවිච්චි කරන දෙයක්. බෞද්ධ, හින්දු වගේ ආගම්වල බැතිමතුන් පූජා ද්‍රව්‍යයක් විදියට තමයි ගොඩක් වෙලාවට හඳුන්කූරු පාවිච්චි කරන්නේ. සමහරු හඳුන්කූරු නිෂ්පාදනයට යොදාගන්නා මිශ්‍රණය පොඩ්ඩක් වෙනස් කරලා මදුරු විකර්ශක හඳුන්කූරු වගේ විවිධ නිෂ්පාදන ඉදිරිපත් කරනවා. ඒ වගේ නිෂ්පාදන හැමෝම කරනවාද කියන්න මම දන්නේ නෑ. ස්වයං රැකියාවක් විදියට හඳුන්කූරු නිෂ්පාදනය කරන මං දන්න කෙනෙක් මේ මදුරුකූරු හදනවා මං දැකලා තියනවා.
උඩ තියන ඡේදයෙන් මූලිකව මං උත්සාහ කලේ හඳුන්කුරු ගැන පොඩි හැඳින්වීමක් දෙන්න. වෙන ආගම් අත්හැරලා දැම්මත් බෞද්ධයේ විසාල වශයෙන්, ඉතා විශාල වශයෙන් හඳුන්කූරු බාවිතා කරනවා. මං නොකිව්වත් ඔය ලොකු ලොකු පන්සල්වල හඳුන්කූරු පත්තු කරලාතියන අයඒක හොඳට වටහාගෙන ඇති. මොකද එහෙම තැන්වල හඳුන්කූරක් පත්තු කරන්න තියා කෘතිම ඔක්සිජන් ටැංකියක් නැතුව ලං වෙන්නවත් බැරි තරමට දුං වලින් වැහිලා නිසා.  කොහොම හරි බැරි අමාරුවෙන් හඳුන්කූරක් පත්තු කරලා අපි ගාථාවකින්නේ ඕක පූජ කරන්නේ. මෙන්න මේකයි ඔය ගාථාව,
සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා හං ගන්ධේන - පූජයාමි තථාගතං

ඕක කියලා වඳිනකොට ඇතිවෙන ප්‍රශ්නේ තමයි, සුගන්ධිනා අපි කියමු හඳුන්කූරු කියලා හං ගඳ(හංගන්ධේන) උනේ කොහොමද කියන එක. ඔය උපාසක උදවිය ගාථා කියන වෙලාවක අහගෙන ඉඳලා බලන්න පලවෙන පද දෙකෙන් බුදුහාමුදුරුවන්ගේ සුගන්ධවත් ශරීරය ගැන වර්ණනා කරනවා. ඊට පස්සේ හං ගඳ ගහන හඳුන්කූරු බුදු හාමුදුරුවන්ට පූජා කරමි කියලා කියනවා. බලාගෙන ගියහම ඒකේ ඇති බොරුවකුත් නෑ. දැන් තියන ගොඩක් හඳුන්කූරු ජාතිවල සුවඳක් නෙමයි ලඟින් ගියත් දැන් හුස්ම හිරවෙලා මැරෙයි කියලා හිතෙන තරම් තදබල ගඳක්.

මම ලිපියක කියවලා තියනවා හඳුනකූරු දුමෙත් බොහොම භයානක විෂ සහිත වායුන් අන්තර්ගත වෙලා තියනවා කියලා. එහෙම බැලුවම අපි බුදුහාමුදුරුවන්ට යසයි කියලා පූජකරන්නේ විස දුමක්නේ. බුදුහාමුදුරුවෝ පිරිණිවන්පාලා ඉවරයිනේ. ඒ නිසා උන්වහන්සේට අපි හඳුන්කූරු වෙනුවට ඔතන ගල් අඟුරු පත්තු කරගත්තත් කමක් නෑ (ගල් අඟුරු දුමෙහි අන්තරගත කාබන් මොනොක්සයිඩ් මාරාන්තික වායුවකි) එතන බලපෑම වෙන්නෙත් පරිසරයට ඒ කියන්නේ අපිටම තමයි. ගමේ පන්සලේ හඳුන්කූරු දෙකතුනක් පත්තු කරනකොට අපිට ඒක නොතේරුනාට සිද්දිය බලන්නනම් ලොකු ප්ලේස් එකකට යන්න ඔනේ. (උදා: කළුතර බෝධිය). බුදු හාමුදුරුවෝ ඔයවගේ තැනක වැඩහිටියා නම් ඇතිවෙන තත්වය මං කියන්න ඔනේ නෑ. ඒක කුමාරතුංග මුනිදාසයන් එතුමාගේ 'කොහිද බුදුන්'(මට මතක හැටියට) කියන කෙටි කතාවේ බොහොම රසවත් විදියට ලියලා තියනවා. මම ඒ කතාව කවදාවත් කියවලා නැතිවුනත් (කියවන්න හෙව්වා. හම්බඋනේ නෑ.) කියවපු කෙනෙක් බොහොම අපූරු චිත්ත රූපයක් මැවෙන විදිය මට විස්සතර කලා. මම ඒක මෙතන ලියන්නේ නැත්තේ මම ඒක ලිව්වොත් මට ඒ විදියටම ලියන්න බැරි නිසා කතාව චා වෙන්න ඉඩ තියන නිසයි. ගාථාව ගැන කියනවනම් ඒක උච්චාරනය කරනකොට අකුරු වචන නිවැරදිව උච්චාරණය කිරීමෙන් ගැටලුව මග ඇරගන්න පුලුවන්.

Tuesday, January 3, 2017

හීන ගැන කතාවක්

හීන ගැන කතාකරන්නට හිතුනේය. හීන නම් මූලිකව දෙයාකාරයකට කියන්න පුලුවන්ය. ඒ දවල් හීන ත් රෑ හිනත් ලෙසය. දවල් හින ගැන නම් කතාකරන්නට දෙයක් ඇත්තේම නැත. දවල් හීන බලන්නට ගිය ගමරාලගේ මෝඩ පුත්‍රයා මුරුංගා ගහෙන් පෝසත් වූ හැටි නොදන්නා උදවිය නැතැයි මම හිතමි. එනිසා රෑ හීන ගැන කතාකරන්නටම හිතමි. මෙතැන්සිට හීන යැයි මම කියන්නේ ඒවාටය.
හීන ඈත අතිතයේ සිටම මිනිසා කුතුහලයටත් පුදුමයටත් පත්කරන සිතේ ඇතිවන චිත්ත රූප මාලාවකි. කො‍ටින්ම කියනවා නම් චිත්‍රපටියකි. සිත විසින්ම නිර්මාණය කරන හා එම සිත විසින්ම නරඹන හරිම අපූරු චිත්‍රපටියකි. මේවායේ ඇති සුවිශේෂී ලක්ෂණ කීපයක් ලෙස සිදු නොවිය හැකි කිසිවක් නැත සහ කුමක් සිදුවුවද එ් පිළිබඳ අවිශ්වාසයක් බලන මොහොතේ අපට ඇති නොවේ සහ එම සිහිනයේ කිසිදු අඩුපාඩුවක්ද අපට හඳුනාගත නොහැකිය. මෙම විශේෂ ලක්ෂණවලට හේතුව ලෙස මම අදහන්නේ නිර්මාණකරුවා විසින්ම නිර්මාණය රසවිදීමයි. තම නිර්මාණයේ කිසිදු අඩුවක් තමාට නොපෙනේ. වැරදිලාවත් එසේ වුවහොත් එතැනින් ඒ හීනය බිඳවැටිය යුතුය. මක් නිසාද යත් එම අඩු පාඩුව තුලින් මේ දකින දෙය යථාර්ථයක් නොවන බවට සිත විසින්ම තර්කයක් ගොඩනගන නිසාය. ඒ මම අසා ඇති දේවල් අනුව මට හිතෙන හැටිය.
නමුත් විවිධ උදවිය හීන ගැන විවිධාකාර අදහස් දරයි. හීන වලින් අනාවැකි ප්‍රකාශ වන බවත්, සිතේ අභ්‍යන්තරයේ ඇති කැළඹීම් නිරූපණය කරන බවත් ඒ අදහස්වලට උදාහරණ දෙකකි. නිර්මාණකරුවන් හා ප්‍රබන්ධ කරුවන්ද හීන වලින් විශාල ලෙස ප්‍රයෝජන ලබන්නෝය. මා එසේ කීවේ අපි ඉතාමත් ත්‍රාසයට පත්ව බලන චිත්‍රපටයක කොටසක් ඇතැම්විට අවසාන වන්නේ නළුවා හෝ නිළිය බයවී අවදිවීමෙනි. හීන ගැන කතාතරන චිත්‍රපට ගැන සැලකූ විට මට මතක් වන්නේ The Reincarnation Of Peter Proud නම් චිත්‍රපටය යි. Max Ehrlich විසින් රචනා කරන ලද Lee Thompson විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයට වඩා මගේ සිත් ඇදගත්තේ ඒ ඔස්සේ චන්දන මෙන්ඩිස් විසින් 'සිහිනයක රැඳි රහසක්' නමින් පල කොට ඇති නවකතාවයි.
හීන ගැන කතාකරන්නට නම් තව ගොඩක් දේ මතක් වෙන්නේය. ඒත් මතක් කරනවා හෝ කතාකරනවා තරම් ලිවීම හෝ ටයිප් කිරීම යස වැඩක් නොවේය. මටනම් එය මහා එපාම කරපු වැඩකි. එනිසා මෙතැනින් නවතිමි. අසා සිටි ඔබසැමට ස්තුතියි.

Sunday, January 1, 2017

හැමෝටම සුබ නව වසරක්

2017 හැමෝටම අලුත්, අලුත්ම අලුත් සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවුරුද්ද පුරාම මාත් එක්ක රැඳිලා ඉන්නත් ආරාධනා කරනවා.