Friday, December 30, 2016

වැරැද්ද කොතැනද?????

දැන් අපේ රටේ බොහොම බරපතල ආගමික ගැටලු තියනවෙනේ. සැරෙන් සැරේ බදු බර හින්දා යටපත් වෙලා ගියත් ඔය ප්‍රශ්ණ ආයෙත් උඩ එනවා බොරොම ඉක්මනට. ගොඩක්ම ප්‍රශ්ණය තියන්නේ මුස්ලිම් ජාතිකයන් බෞද්ධ ආගමට අපහාස කරනවා කියලනේ. එහෙම බැලුවම මේක ආගමක් හා ජාතියක් අතර පවතින ගැටලුවක්.
අපිට ඒක වැඩක් නෑ  ගැටලුව කොහොම උනත් මම  ආවේ ගැටලුව ගැන කතාකරලා ඒක තවත් අවුස්සන්න නෙවෙයි. බෞද්ධයෝ විදිය අපි හරි මාර්ගයේ ගමන් කරනවානම් ඔය ගැටලුව ඇතිවුනේ කොහොමද කියලා කතා කරන්නයි.

ඔය අපහාස උපහාස හැමදේම පැත්තකින් තියලා බුදු  දහමට අනුව බැලුවොත් කවුරු අතරත් ලොකු වෙනක් නැති බව පෙනෙයි. එහෙම කියන්නේ උන් මිත්‍යා දෘෂ්ඨිකයෝ කියලා කෑගහන ගමන් අපිත් මිත්‍යාදෘෂ්ඨියම අදහන නිසයි. ඒ නිසයි මම කියන්නේ බුදුදහමට වැඩිපුරම අගෞරව වෙන්නේ බෞද්ධයන් අතින් කියලා.
අද ඉන්න ගොඩක් දෙනා බුදුදහම යොදාගන්නේ ලෞකික අරමුණු ඉටුරගන්න මාර්ගයක් විදියටයි. පන්සලකා ගිහින් බැලුවත් එහෙමයි. උපාසකයෙක්ගෙන්/ උපාසිකාවකගෙන් අහල බැලුවත් අපිට අහන්න ලැබෙන්නේ මේ වගේ ප්‍රකාශ, 'ඒ පූජාව නම් හරිම හොඳයි. ලෙඩ කරදර අපල ඔක්කොම නැතිවෙනවවලු. විහාග වලින් සමත්වෙන්ත් පුලුවන්ලු'.

ඉතින් බලන්න මොකටද මේ කට කියලා. බුදු හාමුදුරුවෝ අච්චර කල්ප ගානක් පෙරුම් පුරලා බුදු වෙලා අපිට දේශනා කරපු ධර්මය තියන්නේ අපල දුරු කරන්නද, විභාග පාස් කරන්න ද? ඒ විතරක්ද දැන් තවත් අලුත්වෙලා විභාග සමත් වෙන තෙල් ජාතියකුත් තියනවලු.

සමහරු කියනවා ඒ කාලේ ධර්මය මේ කාලෙට ගැලපෙන්නේ නෑ. ඒවා යාවත්කාලීන වෙන්න ඕනේ කියලා. අකාලිකයි, ඒ කියන්නේ අතීත අනාගත වර්මාන තුන් කාලයටම ගැලපෙන මේ සද්ධර්මය වෛරස්ගාඩ් එකක් වගේ සැරෙන් සැරේට අප්ඩේට් කරන්න ඕනෙද?මං දන්න තරමින් බුදු හාමුදුරුවෝ ධර්මය අප්ඩේට් හෝ අප්ග්‍රේට් කරන්න ඕනේ කියලා දේශනා කරලා නෑ. එහෙම වෙනස් කරගන්න කරගත්තාට කමක් නෑ කියලා තියනවා ඛුද්දානුඛද්දක සික්ෂාපද ඒ කියන්නේ කුඩා සහ අනු කුඩා සික්ෂාපද.

 අපි බුදුහාමුදුරුවන්ට කරන ලොකුම උපහාරය වෙන්නනේ බුදු පිළිම ටික ආරක්ෂා කරන එකවත්, අනෙක් ආගම් වලට බනින එකවත් නෙවෙයි. උන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ නිවනට යන එකයි. පිළිම වාගේ දේවල් අපි ආරක්ෂා කරන්න ඔනේ ඒකට හේතුව තමයි ඒවා අපේ වටිනා කලා නිර්මාණ වීම. මට හිතෙන හැටියටනම් බුදුහාමුදුරවන්ට ඔය පිළිම ගැන තැකීමක් නෑ. සහ උන්වහන්සේ පිළිම ගැන කතා කරලාවත් නෑ. අපි දිව්‍ය ලෝකොට යන්න ට්‍රයි එකක් දෙන්න ඔනේ වෙන මොනම හේතුවක්වත් නිසා නෙවෙයි. බුදුහාමුදුරුවෝ පිරිණිවන්පාලා තාම දිව්‍ය ලෝකවල දවස් කීපයකට වඩා ගතවෙලා නැති නිසා එහේ තාමත් පිරිසිදු සද්ධර්මය ඉතිරිවෙලා තියනවා. ඉතින් අපිත් ගියොත් බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය අහලා තියන දෙවිවරුන්ගෙන් අපිට ධර්මය අහගන්න පුලුවන් නිසා. ඒ නිසා අනුන්ව හරි පාරට ගන්න බැරිනම් (පුලුවන් නම් එ්ක ලොකු පිනක්) තමන්වත් නිවැරදි මාර්ගයේ යන එකයි කරන්න ඔනේ. නැතුව වැරදි පාරේ යන උන්ට බැන බැන උන්ගේ පස්සේ යන එක නෙවෙයි. එහෙම ගියොත් අපිත් බැන බැන පස්සෙන් යන්න ගිහින් ගිහින් තියනේ උන් ගිය වැරදි පාරෙම බව තේරෙනවනේ.

Monday, December 12, 2016

අනාගත වංශය ගැන දන්නවා ද?

බුදු, පසේ බුදු, මහරහත් යන තුනතරා බෝධියෙන්, සම්බුද්ධත්වය පතා සම තිංසත් පාරමී පුරමින් පෙරුම් දම් පුරන්නේ බෝසත්වරුමයි. පෙරුම් පුරණ කාලය අනුව බෝසත්වරු තුන් ආකාරයකට වගර්‍ වෙනවා. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික හා වීර්යාධික බුදුවරු ලෙස. ලොව පහල වන්නේ එම බෝසත්වරුමයි. බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් පෙරුම් පුරණ සෑම බෝධසත්වවරයෙකුම බුදුරජාණන් වහන්සේ නමකගෙන් නියත විවරණ ලබනවා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපස අවධියේදී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පළමු වරට නියත විවරණ ලැබුවා. එම අවස්ථාවේ වැඩසිටි මහාශ්‍රාවක, අග්‍රශ්‍රාවකයන් වහස්සේලා පවා මල්මිට බැගින් සුමේධ තාපස තුමාට දී ගෞරව සම්මාන දක්වා තිබෙනවා. ඒ බෝධිසත්වවරයකු සකල ලෝක සත්වයා සසර දුකින් මුදාලනු පිණිස කරනුලබන අති ශ්‍රේෂඨවූ කැපකිරීම නිසාමයි. විවරණ ගත් අපමහා බෝසතාණෝ සාරාසංඛ්‍යෙය කල්පලක්‍ෂයක් පුරා පෙරුම් දම් පුරා ප්‍රඥාධික බුදු කෙනෙකුන් ලෙස ලොව පහලවුනා.
        මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු පස්නමක් ලොව පහල වෙනවා. මින් බුදුවරු සතර නමක් ලොව පහල වී අවසන්. පහළ වීමට සිටින්නේ එක් බුදුවරයකු පමණයි. ඒ අනාගතයේ ලොව පහලවන මෛත්‍රීය බුදුරජාණන් වහන්සේයි. මේ මහා භද්‍ර කල්පයෙන් පස්ව එළඹෙන කල්පය බුද්ධ ශුන්‍ය කල්පයක්. බුද්ධ ශුන්‍ය කල්පයේදී බුදුවරු ලොව පහලවන්නේ නැහැ.
මෛත්‍රි බුදුරජාණන් වහස්සේගේ පහළවීම        බුදුරජාණන් වහන්සේ, මෛත්‍රි බුදුරජාණන් වහන්සේගේ ලොව පහලවීම පිළිබදව දේශනා කරන්නේ කිඹුල්වත්පුර ගමනේදි. බුද්දත්වයෙන් අවුරුද්දකට පසුව බුදුරජාණන් වහස්සේ කිඹුල්වත් පුරයට වැඩම කරනවා. එහිදී ශාක්‍යයන්ගේ මානය දුරු කිරීම පිණිස යමක මහා ප්‍රාතිහාර්ය පා අවසානයේ දම් නෙවි සැරියුත් මහ රහතන් වහස්සේගේ ආරාධනයෙන් මේ අනාගත වංශය හෙවත් මෙත් බුදු සිරිත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
        මෛත්‍රි බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදුරජාණන් වහන්සේ නමක්. වීර්යාධික බුදුවරු පෙරුම් පුරණ කාලය සොළසාසංඛ්‍යෙය කල්ප ලක්‍ෂයක්.
        අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අන්තර්ධාන වීමෙන් පසුව මේ ලෝකයේ වාසය කරන මින්සුන්  ගුණ ධර්‍මවලින් පිරිහීම නිසාම ඔනවුනගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු දහය දක්වා අඩු වෙනවා. බුදු කෙනෙක් ලොව පහල වන්නේ අවුරුදු 120-100,000 ත් අතර ආයුෂ ඇති කාලයක පමණයි. මිනිසුන් දස අකුසල් වලින් පෝෂණය වීම නිසාම අවුරුදු 10ක් දක්වා ආයුෂ පිරිහීමට පත් වෙන්වා. මේ කාලයයෙදී මිනිසුන් අතර මෘග සංඥා පහල වෙනවා. මේ කාලයේදි මිනිසුන් ගනිව්, කොටව්, මරව් ආදී බස් ඇතිව ඔවුනොවුන් මරා ගනු ලබනවා. සෑම මනුෂ්‍යයකුටම තවත් මනුෂ්‍යයකු පෙනෙන්නේ පරණළා පත් සේ සියුම් කඩුපත් සෙයින්. ඒ කාලයේ සිටින සත්වයන්ගෙන් නුවණැති මිනිසුන් මේ විනාශය අසා ලෝක විනාශය පැමිණ ඇති බව දැන සතියකට පමණ සෑහෙන ආහාරද ගෙන කිසි කෙනෙකුගෙ නෙත ගැටෙන්නෙ නැතිව සිටියහැකි වන ලැහැබ්, ගල් ගුහා, දූපත් ආදියට වී එකිනෙකා නොපෙනෙන පරිදි සතියක් පුරා සැගවී සිටිනවා. එසේ සැගවී සිටින නුවණැති සත්වයන් හැර සෙසු සත්වයන් ඔවුනොවුන් අතින් මැරුම් කා ජීවිත අවසාන වෙනවා. ඉතිරිව සිටින සිටින නුවණැත්තන් එක්වී මේ ව්‍යසනයට හේතු කතිකා කරලා පස්පව් දස අකුසල් වලින් මිදෙන්න ක්‍රියා කරනවා. ඒ නිසාම ඔවුන්ගෙන් පසුව එන පරම්පරාව විසි අවුරුදු ආයුෂ ලබනවා. ඔවුන්ගෙන් පසු පරම්පරාව තිස් අවුරුදු ආයුෂ ලබනවා. මේ ආකාරයට පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ ප්‍රමාණය වැඩිවී එය අවුරුදු අසංඛ්‍යෙය දක්වාම දීර්ඝායුෂ ප්‍රමාණය වර්ධනය වෙනවා. මේ අසංඛ්‍යෙ දක්වා වැඩි වූ ආයුෂ ප්‍රමාණය නැවතත් මිනිසුන් ගුණ ධර්‍මවලින් ඈත්වන්නට වීමත් සමග ක්‍රම ක්‍රමයෙන් අඩුවී යනවා. එය අවුරුදු අසූ දහසක් ආයුෂ ප්‍රමාණය දක්වා පැමිණි කාලයේදි තමයි මේ මහා භද්‍ර කල්පයේ අවසන් බුදුරජාණන් වහන්සේ වන මෛත්‍රි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වන්නේ.
 
        තුසිත දිව්‍ය ලෝකයේ වෙසෙන මෙත් බෝසතුන් දෙවියන්ගේ ආරාධනයෙන් පස්මහ බැලුම් බලා මනුලොව ඉපදීමට තීරණය කරනවා. ඒවන විට කේතුමතී නම් සියලු සශ්‍රීකත්වනේ දිව්‍යශ්‍රීයෙන් ආඪ්‍ය වූ රාජධානියක් පහළ වී එහි සංඛ නම් සක්විති රජ කෙනෙකුන් පාලනය කරන සමයයි. සංඛනම් සක්විති රජතුමාගේ පුරෝහත සුබ්‍රහ්ම මෙත් බෝසතුන්ගේ පියතුමන් වන අතර ඔහුගේ බිරිද වන බ්‍රහ්මවතී බැමිණිය බෝසතුන්ගේ මව වෙනවා. බෝසතුන්ගේ අගමෙහෙසිය වන්නේ චන්ද්‍රමුඛි නම් බිසවයි. ගිහිගෙය අවුරුදු අටදහසක් මුළුල්ලේ වාසය කරන බෝසතුන්  තම අගබිසව බ්‍රහ්ම වර්ධන නම් පුත් කුමරු බිහිකල දිනයේ සතර පෙරනිමිති දැක මහබිනික්මන් කිරිමට තීරණය කරනවා. පැවිදි බවට සුදුසු පරිදි යම් දුකක් අනුභව කරමින් සතියක් මුළුල්ලේ ඊට සූදානම් වන බෝසතාණන් දෙව්, බඹු, මිනිසුන් කෝටි ගණන් පිරිවරා පැවිදිව  චන්ද්‍රමුඛි  අගබිසව විසින් පුදනු ලබන මී කිරිපිඩු බත වළදා නාගශ්‍රී බෝධ මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා.
        මෛත්‍රි බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වන්නේ අසෝක සහ බ්‍රහ්මදේව යන මහ තෙරුන් වහන්සේලායි. සීහ නම් තෙරුන් ධර්‍ම භාණ්ඩාගාරික මෙන්ම අග්‍ර උපස්ථායක ද වෙනවා. පදුමා සහ සුමනා නම් වූ භික්‍ෂුණීන් වහන්සේලා අග්‍ර ශ්‍රාවිකාවෝ වෙයි. සුධනය, සංඝය අග්‍ර උපාසක වන අතර යසවතී, සංඝා අග්‍ර උපාසිකාවෝ වෙයි.
        මෛත්‍රි බුදුහිමියන්ගේ බුද්ධ කාය රියන් අසූ අටකි. ආයුස කාලය අවුරුදු අසූ දහසකි. යටත් පිරිසයින් එක මල් මිටක්, එක් පහනක්, එක බත් පිඩක් පමණ ප්‍රමාණයේ සිට දන්දී දානාදී පින්කම් සිදුකල ඇත්තන් මෛත්‍රි බුදුන් දැකීමට භාග්‍යවන්තයෝ වෙයි. ආනන්තර්ය පාපකර්‍මයන් සිදුකල අයත්, මිත්‍යා දෘෂ්ඨික වූ පුද්ගලයන්, ප්‍රේත අසුර ආදී ආත්මභාව ලද පුද්ගලයන්, අංගවිකලත්වය සහිත පුද්ගලයන්, තුණුරුවන් සතු දේ පැහැර ප්‍රයෝජනයට ගන්නාවූ පුද්ගලයන් ඒ මෛත්‍රි බුදුන් දැකීමට භාග්‍යවන්ත වන්නෝ නොවෙයි.
මෛත්‍රි බෝසතුන් බුදු හිමියන්ගෙන් විවරණ ලැබීම        මුහුර්ත නම් බුදුහිමියන්ගෙන් පළමු විවරණය ලැබ පෙරුම් පුරමින් පැමිණි ඒ මෛත්‍රි බෝසතාණෝ අවසන් වරට බුදුකෙනෙකුන් ගෙන් විවරණ ලබාගන්නේ අප ගෞතම සම්මා සම්බුදුජාණන් වහන්සේ ගෙන් බුදුරජාණන් වහන්සේ සත්වන වස්  කාලය ගත කරන්නේ තව්තිසා දිව්‍ය භවනෙහි වස් තුන්මස ඇවෑමෙන් සංකස්සපුර නගර ද්වාරයෙන් නැවත වඩින බව බුදුරදුන්ගෙන් අසා දැනගත් මුගලන් මහරහතන් වහන්සේ ඒ සදහා කටයුතු සූදානම් කරනවා. දේවාවරෝහණ උත්සවය ලෙස නම් කරන කෙරෙන ඒ ආශ්චර්යමත් උත්සව දිනයේ සංකස්ස පුරයට රැස්ව සිටින සියලු ජනයාට දිව්‍ය ශ්‍රීය දැකගත හැකි වන ආකාරයෙන් බුදු හිමියන් නැවත වැඩම කරන මොහොතේ ඒ ජනයා අත මෙත් බෝසතුන් ද කෙනෙක්. සංකස්ස පුරයේ සිරිවඩ්ඪ නම් මහ කෙළෙඹි පුත්‍රයකුව ඉපිද සිටි මෙත් බෝසතාණෝ වස් තුන්මස තුල භික්‍ෂූන් වහන්සේලාගේ මාර්ගඵලාවබෝධයන් පිළිබද විමසීම හා ගැටලු තැන් විසදීමේ අරමුණින් බුදු හිමියන් හා පැවති දහම් සංවාද මාලාවේදී, සැරියුත් මහරහතන් වහන්සේ සමග පැවති ඉතාමත් විචිත්‍රවත් දහම් කතිකාවත ශ්‍රවණය කිරීමෙන් අනතුරුව මෙම සිරිවඩ්ඪ නම් කෙළෙඹි පුතු දහසක් පිරිවර සමගින් පැවිදි උපසම්පදාව ලබනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ප්‍රසාදය ගෞරවය දිනා ගනිමින් විචිත්‍ර ධර්‍මෙද්ශනාවන්හි යෙදමින් පැවිදි ගත කරන ආර්ය මෛත්‍රි බෝසත් භික්ෂු තෙම තමාට පුදනු ලැබූ වටිනා සිවුරු දෙකකින් බුදු හිමියන් වැඩ සිටි ගන්ධ කුටියේ වියන සකස් කර පූජා කරනු ලබනවා. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අනෙකුත් භික්‍ෂුන්ට එම ආර්ය මෛත්‍රි බෝසත් භික්ෂුව දක්වමින් මෙලෙස දේශනා කර වදාරනවා.
        “මහණෙනි, උතුම් වස්ත්‍ර යුගලයකින් වියනක් කර බුදුන් පිදූ මේ භික්ෂුව දෙස බලව. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහිම මෛත්‍රිය නම් සම්මා සම්බුදු වන්නේය. එකල මෙම බරණැස කේතුමතී නම් රාජධානියක් වන්නේය. එහි සංඛ නම් සක්විති රජ කෙනෙක් වන්නේය. ඔහු පුහෝහිත සුබ්‍රහ්ම නම් බමුණා මෛත්‍රිය බුදුන්ගේ පියා වන්නේය. ඔහුගේ භාර්යාව වූ බ්‍රහ්මවතී බැමිණිය මව වන්නීය. නා රුක ඒ බුදුහුගේ බෝරුක වන්නේය යි නියත විවරණ දී වදාළ සේක.
        ඒ මෙත් බෝසතාණෝ තව්තිසා දිව්‍ය භවනෙහි අනාගත මෙතේ බුදුන් ලෙස ලොව පහලවීමේ අපේක්ෂාවෙන් වැඩ වාසය කරනවා. දෙවියන් අතර මහා පුණ්‍යවන්තවූ අග්‍ර වූ මෙත් බෝසතාණන්ට පුද පූජා පැවැත්වීම පිළිබදව අප ලංකා ඉතිහාසයේ අනුරාධපු යුගයේ සිට වාර්‍තා වෙනවා. පුරාවිද්‍යා කැණීම්වලදී ඒ සදහා සාක්‍ෂි බොහොමයක් හමුවී තිබෙනවා. නොකඩවා මෙත් බෝසත් වන්දනාවෙහි යෙදුනු බවට එහිදී හමුවන මෙත් බොසත් ප්‍රතිමා සාක්‍ෂි දරනවා. මෙත් බොසතුන් වෙනුවෙන් ඉදිවූ දිව්‍ය මාළිගා වර්‍තමානයේද දක්නට පුළුවන්. ඒ අතර සිරි සදහම් ආශ්‍රමයේ පිහිටි මෙත් බෝසත් මාළිගයද එකක්.
කුසල් දහම් වඩමින් මෙත් බොසත් වන්දනාවේ යෙදමින් එදා සිට අද දක්වා සැදැහැවතුන් තම ශුභසිද්ධිය ප්‍රාර්ථනා කරමින් ඒ ප්‍රාර්ථනා ඉටුකර ගනිමින් සිටිනවා.
කුසල් දහම් වඩමින් තම දිවිය ගතකරන එවැනි පුද්ගලයන්ට මෙත් බෝසතුන්ගේ ආශිර්වාදය ද නිරන්තරයෙන් හිමි වෙනවා.
අනාගතයේ ලොව පහළවන මෛත්‍රි බුදුහිමියන් දැක නිවන් දැකීම බොහෝ දෙනාගේ  ප්‍රාර්ථනයයි.
එම පැතුම සඵල වීමට නම්,



  • එක් මලක්, පහනක්, එක් බත් පිඩක් ප්‍රමාණයේ හෝ දන් දෙන්න.
  • ආමිස දානයන්හි, අභය දානයන්හි, ධර්‍ම දානයනහි නිරතුරුව ‍යෙදෙන්න.
  • තම යුතුනම් හා වගකීම් තමා වෙනුවෙන්, අනුන් වෙනුවෙන්, ශාසනය වෙනුවෙන් ඉටු කරන්න.
  • බුදු සසුනේ උන්නතියට කටයුතු කරමින් ශාසන හිතකාමී පුද්ගයකු වන්න.
  •  පස් පවින් වෙන්වී කුසල් දහම්හි නිරතුරැව යෙදෙන්න.
  •  ආනන්තරිය පාපකර්‍මයන්ගෙන් සදහටම දුරුවන්න.
  •  දුගතිගාමීවන අකුසලයන් දුරු කරන්න.
  •  සියලු අකුසලයන්ගෙන් මිදෙන්න.
  •  සියලු කුසලයන්හි යෙදෙන්න.
  •  දන් දෙන්න, පින් කරන්න.
  •  සිල් රකින්න, භාවනා කරන්න.
  •  ගුණ දහමින් පෝෂණය වූ පුද්ගලයකු වන්න.
  •  ත්‍රිලක්‍ෂණය මෙනෙහි කරන්න.

        එවිට ඔබටත් මෙත් බෝසතුන්ගේ ආශිර්වාදය නිරතුරු ලැබෙනු ඇත. අනාගතයේ ලොව පහළ වන මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ දැක ගැනීමට හැකි වෙනවා ඇත. මෙතේ බුදුන් දැක නිවන් අවබෝධ කරගැනීමට වාසනාව හිමි වෙනවා ඇත. ඒ සදහා අද අදම නොපමාව, අප්‍රමාදව කටයුතු කරන්න.
        මෙතේ බුදුන් දැකීමට ඔබත් සුදුස්සෙකු වන්න. අන් අයවද සුදුස්සන් බවට පත් කිරීමට දායක වන්න. මේ දහම් පණිවිඩය ඔබ කියවා, එය සුරක්‍ෂිතව තබා ගැනීමෙන් හෝ ඉවත දැමීමෙන් වැලකී හැකිතාක් පිරිසක් අතට පත් කිරීමට කටයුතු කරන්න. එයද මෛත්‍රිය බුදු හිමියන් දැකීමට ඉවහල්වන මහා පුන්‍යකර්‍මයක් වනවා ඇත.


මෛත්‍රි බෝධි සත්වයන්ට පින් දීම
සසිර බර තුසිත පුර - නිතිනි වැඩ සිටින මනසතට සෙත දෙවන සොද - පාරමී පුරන ලද
උතුම් මෙත් බුදු නමින - මතු මනාවන් කලේකේතුමතී පුරවරේ - බුදුව සෙත සදන්නේ
මෙත් බෝසතාණෝ - මා කළ මේ පින් ද ගෙනරකින් මා දින දිනේ - සුභ සෙත ද දෙවමිනේදිගාසිරි දෙවන් සොද - නිරෝගිව තබන් මමදහම් මග දකින්නට - මට පිහිට වුව මැනේ


මෙම ලිපිය මුද්‍රිත පත්‍රිකාවකින් උපුටාගන්නා ලද්දකි. මේක මට ලැබුනේ කඩදාසි කවරයක් හදලා තිබුන කඩදාසියකින්. ලිව්වේ කවුද, කාගේ අදහසක්ද යන්න මට දැනගන්න බැරිවුනා.

PDF විදියට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේනම් පහල බට්න් එක ක්ලික් කරන්න.