Saturday, April 22, 2017

ඇඟිලි තුඩින් හඬ අහන්න

මේකත් හරිම අපූරු නිර්මාණයක්. ඔබේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවොත් සමහරු ‍ ෆෝන් එක කනේ තියාගෙන ආන්සර් කරනවා, තවත් අය හෑන්ඩ් ෆී පාවිච්චි කරනවා, තවත් අය කනේ ඉඳන් කටට සහ කටේ ඉඳන් කනට පෝන් එක මාරු කරමින් කතා කරනවා (ඒකනම් මල විකාරයක්) ටිකක් ස්මාර්ට් කියලා හිතාගත්ත අය ස්මාට් ඔරලෝසුවෙනුත් දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වනවා.
යේත් වැඩක් නෑ. ඔය ඔක්කොම පරණ වැඩ. මෙන්න අලුත්ම ක්‍රමය. ඒක තමයි තමන්ගේ ඇඟිලි තුඩක් කනට තබාගෙන කතාකරීම (අර චිත්‍රපටිවල රහස්පරීක්ෂකයෝ කතාකරන්නේ...) මේක හඳුන්වන්නේ ඇඟිලිතුඩු සන්නිවේදනය (fingertip communication) කියලා.
මේකෙදී සිද්ධ වෙන්නේ ඇමතුම බ්ලූටූත් හරහා දරකථනයෙන් අතේ පළදීන උපාගයට සම්බන්ධ වෙලා එකේ තියන BCU - Body Conduction Unit කියන උපාංගය හරහා සිරුරට (අතට) සම්බන්ධ වෙනවා.  BCU තමයි මේ තාක්ෂණයේ ප්‍රධානම උපාංගය. මේකෙන් කරන්නේ ලැබෙන ශබ්ද තරංග වර්ධනය කරලා අත හරහා සම්ප්‍රේශණය කිරීම. ඝන ද්‍රව්‍යවල වඩාත් හොඳින් ශබ්ද තරංග ගමන් කරන නිසා ඔබේ ඇඟිලි තුඩින් මේක ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා.
මෙන්න නිෂ්පාදකයන්ගේ වෙබ් අඩවියේ ලිපිනය : https://www.kickstarter.com/projects/sgnlstrap/sgnl-make-phone-calls-with-your-fingertip 

Sunday, April 16, 2017

වැසිකිලියෙන් බියර්!

දකුණු කැලිෆෝනියා මධ්‍යසාර නිෂ්පාද ආයතනය ඔන්න තවත් අලුත් නිෂ්පාදනයක් එළිදක්වලා තියනවා. ඒකනම් ටිකක් අප්‍රසන්න හිනාත් යන වැඩක්.

එ්ක තමයි අපජලය එහෙමත් නැත්නම් භාවිතයෙන් පසු ඉවත් කරන අපිරිසිඳු ජලයෙන් බීර වර්ගයක් නිෂ්පාදනය. ඔවුන් මේ නිෂ්පාදනය නම් කරලා තියන්නේ Full Circle Pale Ale කියලයි. මේක හදන්න  වතුර අරගෙන තියන්නේ සැන් දියාගෝ වල අපවහන ජලය ප්‍රතිචක්‍රීකරණ  ව්‍යාපෘතියකින්.

අප ජලය දකිනකොට අප්‍රසන්න උනාට ප්‍රතිචක්‍රීකරණයෙන් පසසේ මේවා භාවිතයට සුදුසුයි කියලා මේ ගොල්ලෝ ඔප්පු කරලා තියනවා. අප ජලය පිරිසිඳු කරනවා බලන්න කැමති අය පහල වීඩියෝ එක බලන්න.
http://www.edwardsaquifer.net/media/water_recycling.mp4
මොකද හිතෙන්නේ කියලා පහලින් කොමෙන්ට් කරලාම යන්නකෝ.

Saturday, April 15, 2017

ගෙයක් ප්‍රින්ට් කරගමුද?

ගෙයක් හදන එක මොන තරම් නං කරදර වෙන්න ඕනෑ වැඩක් ද? ඒත් මේ අලුත් තාක්ෂණයත් එක්ක හරිම සරල වෙන්නයි යන්නේ. තාක්ෂණය තමයි 3D Printing එහෙමත් නැත්නම් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය. මේක අලුත්ම අලුත් වැඩක් නෙමෙයි. ඒත් තාම අංගසම්පූරණ තාක්ෂණයකුත් නෙවෙයි. ඉතාමත් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින තාක්ෂණයක්. නිතර අන්තරජාලය පරහරණය කරන කෙනක් නම් මේ තාක්ෂණය ගැන අහල ඇති.

ඔන්න දැන් 3D මුද්‍රණය තවත් කඩඉමකට ඇවිත් තියනවා. ඒක ගොඩක්ම වැදගත් කඩයිමක්. ඒ තමයි ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතයයෙන් නිවසක් මුද්‍රණය කිරීම. මේක තමයි ත්‍රිමාණ තාක්ෂණයෙන් හදපු ලෝකයේ පළමු වාසයට සුදුසු නිවස. ඒක නෙවෙයි මේකේ තියන වටිනාම කාරණාව තමයි මේක හදන්න ගිහින් තියන්නේ පැය දවසකටත් වඩා අඩු කාලයක් වීම. මේක හදන්න වියදම් වෙලා තියන්නේ ඩොලර් 11,000 කටත් අඩු මුදලක්.
මේ ගෙදර තියන්නේ මොස්කව් වල. නිර්මාණය කරපු සමාගම ( tech startup Apis Cor) කියන විදියට මේ තාක්ෂණය වේගවත් හා කාර්ක්ෂම වගේම බොහොම විශ්වාසනීය සහ පරිසර හිතකාමී එකක් ලු. ඒ ගොල්ලෝ මේ නිවස මුද්‍රණය කරන්න පාවිච්චි කරලා තියන්නේ ජංගම මුද්‍රණ යන්ත්‍රයක්. නිර්මාණය කරලා තියන්නේ කොන්ක්‍රීට් වලින්. වහලය සහ ජනේල නම් මුද්‍රණය කරපුවා නෙවෙයි වෙනම ගෙදර ප්‍රින්ට් කලාට පස්සේ තමයි හයිකරලා තියන්නේ.
ගෙයක් ප්‍රින්ට් කරගන්න කැමති අය ඉන්නවනම් ඔන්න ට්‍රයි කරලා බලන්න. මට හිතෙන්නේ නම් මේක අපූරු වැඩක් කියලයි. වෙන වෙන විදියට හිතෙනව නම් (මොනවම හරි අදහසක් තියනවා නම්) කොමෙන්ට් එකක් දාලම යන්න.

Wednesday, April 5, 2017

අසංක ප්‍රියමන්ත - සඳ දෙව්දුව


ගොඩක්ඔ කාලෙකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්න පුළුවන් උනේ පස්වෙනි මියුසික් ඇල්බම් එකත් ගෙනාවා. මේකත් හරිම ලස්සන අර්ථවත් ගීත 20 ක එකතුවක් අසංක ප්‍රියමන්ත දැන් සිංදු කියනකොට නහයෙන් කිව්වට ඒ කාලේ සිංදු හරි ලස්සනයි. අහලම බලන්නකෝ. ඩවුන්ලෝඩ් කලින් විදියමයි. සම්පූර්ණ ඇල්බම් එක වගේම වෙන වෙනම ඩවුලෝඩ් කරන්න පුළුවන්.

01 අඳුර ඉකිබිඳින Download
02 දැකුම්කලු දර්ශනී Download
03 ගීතයක් සේ Download
04 හුදකලා විරාමයේදි Download
05 කඳුලු හුරතල් වැඩිද මන්දා Download
06 කවියක් වී තොල් පෙති මත Download
07 කිරිල්ලියෝ Download
08 මගෙ සිතද ඔබෙයි Download
09 මල් වැහි සේ වැහි Download
10 මුදුන් වෙලා සිත Download
11 ඔබේ සිනා මුව මුව මඬලට Download
12 රනේරුවට රත්තරනින් Download
13 සඳ නාවත් Download
14 සද සාවි මගේ Download
15 සඳ සේ නිලම්බරේ Download
16 සීතල මීදුමේ Download
17 සිහින තොටින් Download
18 සිකුරා නලල් තලේ Download
19 සුරංගනාවෝ Download
20 සුසානයක නොදැවී Download