
උදාහරණයක් විදියට මම තෝරගත්ත හය හතර කියන යෙදුම බුදු දහමත් එක්ක බැඳී පවතින යෙදුමක්.හය කියන්නේ දිව්‍යලෝක හය. ඒ කිව්වේ චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය හා පරනිම්මිත වසවර්තිය කියන දිව්‍ය ලෝක හයයි. එතකොට හතර කියන්නේ නරක, තිරිසන් ප්‍රේත හා අසුර කියන අපාය හතරයි. අපි දන්නවා දිව්‍යෙලෝකෙය යන්න පිං කරන්න ඕනේ බවත්, පව් කලොත් අපායගාමී වන බවත්. ඒ අනුව බලනකොට අපිට අර මම කලින් ගත්ත ප්‍රකාශය මේ විදියට විවරණය කරන්න පුළුවන්. "තාම පිං පව් ගැනවත් නොදන්න දරුවා කියන කරන දේවල් ගැන මොකටදෑ ඔච්චර කලබල වෙන්නේ?".
ඒ වගේ තවත් යෙදුමක් තමයි අටුවා ටීකා ටිප්පණි. මේ යෙදුම දැන්නම් බහුලවම භාවිතා වෙන්නේ නෑ. "මට ඕවා අටුවා ටීකා ටිප්පණි එක්ක කියන්න බෑ...." ආදී වශයෙන් මෙය භාවිතා වෙනවා.
මොනවාද මේ අටුවා ටීකා ටිප්පණි කියන්නේ? අටුවා කියන්නේ ත්‍රිපිටකයේ නොපැදිලි තැන් පැහැදිලි කරීමට ලියූ අර්ථ කතා. ටීකා කියන්නේ අටුවේ නොපැහැදිලි තැන් පැහැදිලි කරන්නයි. ටිප්පණි වලින් ටීකාත් විස්තර කෙරෙනවා. මේවා ගොඩක් පුළුල් මාතෘකා මම කිව්වේ මූලික අදහස විතරයි. එතෙකාට කටවහරේ මේක යෙදෙන්නේ මට ඕවා වැඩිපුර විස්තර කරන්න බෑ කියලා කියන්නයි.
මේවගේ තව ගොඩක් යෙදුම් අපේ ජනවහරේ තියනවා. දන්නවනම් අනිත් අයටත් දැනගන්න කමෙන්ට් කරලා යන්න.
No comments:
Post a Comment