හඳුන්කූරු කියන්නේ අපි හැමෝම දන්න නිතරම පාවිච්චි කරන දෙයක්. බෞද්ධ, හින්දු වගේ ආගම්වල බැතිමතුන් පූජා ද්‍රව්‍යයක් විදියට තමයි ගොඩක් වෙලාවට හඳුන්කූරු පාවිච්චි කරන්නේ. සමහරු හඳුන්කූරු නිෂ්පාදනයට යොදාගන්නා මිශ්‍රණය පොඩ්ඩක් වෙනස් කරලා මදුරු විකර්ශක හඳුන්කූරු වගේ විවිධ නිෂ්පාදන ඉදිරිපත් කරනවා. ඒ වගේ නිෂ්පාදන හැමෝම කරනවාද කියන්න මම දන්නේ නෑ. ස්වයං රැකියාවක් විදියට හඳුන්කූරු නිෂ්පාදනය කරන මං දන්න කෙනෙක් මේ මදුරුකූරු හදනවා මං දැකලා තියනවා.
උඩ තියන ඡේදයෙන් මූලිකව මං උත්සාහ කලේ හඳුන්කුරු ගැන පොඩි හැඳින්වීමක් දෙන්න. වෙන ආගම් අත්හැරලා දැම්මත් බෞද්ධයේ විසාල වශයෙන්, ඉතා විශාල වශයෙන් හඳුන්කූරු බාවිතා කරනවා. මං නොකිව්වත් ඔය ලොකු ලොකු පන්සල්වල හඳුන්කූරු පත්තු කරලාතියන අයඒක හොඳට වටහාගෙන ඇති. මොකද එහෙම තැන්වල හඳුන්කූරක් පත්තු කරන්න තියා කෘතිම ඔක්සිජන් ටැංකියක් නැතුව ලං වෙන්නවත් බැරි තරමට දුං වලින් වැහිලා නිසා. කොහොම හරි බැරි අමාරුවෙන් හඳුන්කූරක් පත්තු කරලා අපි ගාථාවකින්නේ ඕක පූජ කරන්නේ. මෙන්න මේකයි ඔය ගාථාව,
සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා හං ගන්ධේන - පූජයාමි තථාගතං
ඕක කියලා වඳිනකොට ඇතිවෙන ප්‍රශ්නේ තමයි, සුගන්ධිනා අපි කියමු හඳුන්කූරු කියලා හං ගඳ(හංගන්ධේන) උනේ කොහොමද කියන එක. ඔය උපාසක උදවිය ගාථා කියන වෙලාවක අහගෙන ඉඳලා බලන්න පලවෙන පද දෙකෙන් බුදුහාමුදුරුවන්ගේ සුගන්ධවත් ශරීරය ගැන වර්ණනා කරනවා. ඊට පස්සේ හං ගඳ ගහන හඳුන්කූරු බුදු හාමුදුරුවන්ට පූජා කරමි කියලා කියනවා. බලාගෙන ගියහම ඒකේ ඇති බොරුවකුත් නෑ. දැන් තියන ගොඩක් හඳුන්කූරු ජාතිවල සුවඳක් නෙමයි ලඟින් ගියත් දැන් හුස්ම හිරවෙලා මැරෙයි කියලා හිතෙන තරම් තදබල ගඳක්.
මම ලිපියක කියවලා තියනවා හඳුනකූරු දුමෙත් බොහොම භයානක විෂ සහිත වායුන් අන්තර්ගත වෙලා තියනවා කියලා. එහෙම බැලුවම අපි බුදුහාමුදුරුවන්ට යසයි කියලා පූජකරන්නේ විස දුමක්නේ. බුදුහාමුදුරුවෝ පිරිණිවන්පාලා ඉවරයිනේ. ඒ නිසා උන්වහන්සේට අපි හඳුන්කූරු වෙනුවට ඔතන ගල් අඟුරු පත්තු කරගත්තත් කමක් නෑ (ගල් අඟුරු දුමෙහි අන්තරගත කාබන් මොනොක්සයිඩ් මාරාන්තික වායුවකි) එතන බලපෑම වෙන්නෙත් පරිසරයට ඒ කියන්නේ අපිටම තමයි. ගමේ පන්සලේ හඳුන්කූරු දෙකතුනක් පත්තු කරනකොට අපිට ඒක නොතේරුනාට සිද්දිය බලන්නනම් ලොකු ප්ලේස් එකකට යන්න ඔනේ. (උදා: කළුතර බෝධිය). බුදු හාමුදුරුවෝ ඔයවගේ තැනක වැඩහිටියා නම් ඇතිවෙන තත්වය මං කියන්න ඔනේ නෑ. ඒක කුමාරතුංග මුනිදාසයන් එතුමාගේ 'කොහිද බුදුන්'(මට මතක හැටියට) කියන කෙටි කතාවේ බොහොම රසවත් විදියට ලියලා තියනවා. මම ඒ කතාව කවදාවත් කියවලා නැතිවුනත් (කියවන්න හෙව්වා. හම්බඋනේ නෑ.) කියවපු කෙනෙක් බොහොම අපූරු චිත්ත රූපයක් මැවෙන විදිය මට විස්සතර කලා. මම ඒක මෙතන ලියන්නේ නැත්තේ මම ඒක ලිව්වොත් මට ඒ විදියටම ලියන්න බැරි නිසා කතාව චා වෙන්න ඉඩ තියන නිසයි. ගාථාව ගැන කියනවනම් ඒක උච්චාරනය කරනකොට අකුරු වචන නිවැරදිව උච්චාරණය කිරීමෙන් ගැටලුව මග ඇරගන්න පුලුවන්.
No comments:
Post a Comment