Friday, December 30, 2016

වැරැද්ද කොතැනද?????

දැන් අපේ රටේ බොහොම බරපතල ආගමික ගැටලු තියනවෙනේ. සැරෙන් සැරේ බදු බර හින්දා යටපත් වෙලා ගියත් ඔය ප්‍රශ්ණ ආයෙත් උඩ එනවා බොරොම ඉක්මනට. ගොඩක්ම ප්‍රශ්ණය තියන්නේ මුස්ලිම් ජාතිකයන් බෞද්ධ ආගමට අපහාස කරනවා කියලනේ. එහෙම බැලුවම මේක ආගමක් හා ජාතියක් අතර පවතින ගැටලුවක්.
අපිට ඒක වැඩක් නෑ  ගැටලුව කොහොම උනත් මම  ආවේ ගැටලුව ගැන කතාකරලා ඒක තවත් අවුස්සන්න නෙවෙයි. බෞද්ධයෝ විදිය අපි හරි මාර්ගයේ ගමන් කරනවානම් ඔය ගැටලුව ඇතිවුනේ කොහොමද කියලා කතා කරන්නයි.

ඔය අපහාස උපහාස හැමදේම පැත්තකින් තියලා බුදු  දහමට අනුව බැලුවොත් කවුරු අතරත් ලොකු වෙනක් නැති බව පෙනෙයි. එහෙම කියන්නේ උන් මිත්‍යා දෘෂ්ඨිකයෝ කියලා කෑගහන ගමන් අපිත් මිත්‍යාදෘෂ්ඨියම අදහන නිසයි. ඒ නිසයි මම කියන්නේ බුදුදහමට වැඩිපුරම අගෞරව වෙන්නේ බෞද්ධයන් අතින් කියලා.
අද ඉන්න ගොඩක් දෙනා බුදුදහම යොදාගන්නේ ලෞකික අරමුණු ඉටුරගන්න මාර්ගයක් විදියටයි. පන්සලකා ගිහින් බැලුවත් එහෙමයි. උපාසකයෙක්ගෙන්/ උපාසිකාවකගෙන් අහල බැලුවත් අපිට අහන්න ලැබෙන්නේ මේ වගේ ප්‍රකාශ, 'ඒ පූජාව නම් හරිම හොඳයි. ලෙඩ කරදර අපල ඔක්කොම නැතිවෙනවවලු. විහාග වලින් සමත්වෙන්ත් පුලුවන්ලු'.

ඉතින් බලන්න මොකටද මේ කට කියලා. බුදු හාමුදුරුවෝ අච්චර කල්ප ගානක් පෙරුම් පුරලා බුදු වෙලා අපිට දේශනා කරපු ධර්මය තියන්නේ අපල දුරු කරන්නද, විභාග පාස් කරන්න ද? ඒ විතරක්ද දැන් තවත් අලුත්වෙලා විභාග සමත් වෙන තෙල් ජාතියකුත් තියනවලු.

සමහරු කියනවා ඒ කාලේ ධර්මය මේ කාලෙට ගැලපෙන්නේ නෑ. ඒවා යාවත්කාලීන වෙන්න ඕනේ කියලා. අකාලිකයි, ඒ කියන්නේ අතීත අනාගත වර්මාන තුන් කාලයටම ගැලපෙන මේ සද්ධර්මය වෛරස්ගාඩ් එකක් වගේ සැරෙන් සැරේට අප්ඩේට් කරන්න ඕනෙද?මං දන්න තරමින් බුදු හාමුදුරුවෝ ධර්මය අප්ඩේට් හෝ අප්ග්‍රේට් කරන්න ඕනේ කියලා දේශනා කරලා නෑ. එහෙම වෙනස් කරගන්න කරගත්තාට කමක් නෑ කියලා තියනවා ඛුද්දානුඛද්දක සික්ෂාපද ඒ කියන්නේ කුඩා සහ අනු කුඩා සික්ෂාපද.

 අපි බුදුහාමුදුරුවන්ට කරන ලොකුම උපහාරය වෙන්නනේ බුදු පිළිම ටික ආරක්ෂා කරන එකවත්, අනෙක් ආගම් වලට බනින එකවත් නෙවෙයි. උන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ නිවනට යන එකයි. පිළිම වාගේ දේවල් අපි ආරක්ෂා කරන්න ඔනේ ඒකට හේතුව තමයි ඒවා අපේ වටිනා කලා නිර්මාණ වීම. මට හිතෙන හැටියටනම් බුදුහාමුදුරවන්ට ඔය පිළිම ගැන තැකීමක් නෑ. සහ උන්වහන්සේ පිළිම ගැන කතා කරලාවත් නෑ. අපි දිව්‍ය ලෝකොට යන්න ට්‍රයි එකක් දෙන්න ඔනේ වෙන මොනම හේතුවක්වත් නිසා නෙවෙයි. බුදුහාමුදුරුවෝ පිරිණිවන්පාලා තාම දිව්‍ය ලෝකවල දවස් කීපයකට වඩා ගතවෙලා නැති නිසා එහේ තාමත් පිරිසිදු සද්ධර්මය ඉතිරිවෙලා තියනවා. ඉතින් අපිත් ගියොත් බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය අහලා තියන දෙවිවරුන්ගෙන් අපිට ධර්මය අහගන්න පුලුවන් නිසා. ඒ නිසා අනුන්ව හරි පාරට ගන්න බැරිනම් (පුලුවන් නම් එ්ක ලොකු පිනක්) තමන්වත් නිවැරදි මාර්ගයේ යන එකයි කරන්න ඔනේ. නැතුව වැරදි පාරේ යන උන්ට බැන බැන උන්ගේ පස්සේ යන එක නෙවෙයි. එහෙම ගියොත් අපිත් බැන බැන පස්සෙන් යන්න ගිහින් ගිහින් තියනේ උන් ගිය වැරදි පාරෙම බව තේරෙනවනේ.

No comments:

Post a Comment