Tuesday, January 31, 2017

බාගය සහ භාගය

මට බාග භාග ගැන එකපාරටම කතාකරන්න හිතුනේ බාගයයි භාගයයි අතර වෙනස නොදන්න ගොඩක් අය ඉන්නවා කියලා මට පෙනීගිය හින්දයි.  දවසක් මම ඕක ගැන කතාකරන්න ගිහිල්ලා ගොඩක් අය පුදුමයෙනුත් පුදුමයට පත්උන හින්දයි. සිංහල භාෂාවේ අකුරක් එහාමෙහා කලාම වෙනස් තේරුම් ඇතිකරන්න පුළුවන් බව හැමෝම දන්නවනේ.(හැම බාසාවක්ම වගේ එහෙම තමයි.)  පුදුමවෙන්ඩ හේතුවක් නෑ. මේකත් ඒවගේ සර්ව සම්පූර්ණයෙන්ම වෙනස් තේරුම් දෙකක් තියන වචන දෙකක්.
බාගය කියන්නේ ඕනැම දේකින්, ඕනෑෑම දේකින් බාගයක්ම තමා. එ් කිව්වේ පාන් ගෙඩියක් ගෙඩියක් ගත්තොත් ඒක සමානව කොටස් දෙකකට කපලා ගන්න එක කොටසක්. නමුත් භාගයක් කියන්නේ එහෙම කොටසක් නෙවෙයි. ඒක ඕනෑම කොටසක් පාන් ගෙඩියෙන් පුංචි පෙත්තක් කපලා ගත්තත්, පුංචි පෙත්ත ඉතුරු කරලා අනිත් ටික ගත්තත් ඒ දෙකම භාග විදියට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අටෙන් එක, හතරෙන් එක වගේම දෙකෙන් එකත් භාගයක් කියන එකයි.
ඒ අනුම බලනකොට මේ දෙක අතර තියන සම්බන්ධය තමයි, බාගයත් එක්තරා විදියක භාගයක්ම තමා කියන එක. නමුත් භාග කියලා ගත්තහම ඒ වචනයෙන් බාගය වගේම කාල තුන්කාල වගේ ඕනෑම කොටසක් අදහස් වෙන්න පුළුවන්. 

No comments:

Post a Comment