Sunday, April 16, 2017

වැසිකිලියෙන් බියර්!

දකුණු කැලිෆෝනියා මධ්‍යසාර නිෂ්පාද ආයතනය ඔන්න තවත් අලුත් නිෂ්පාදනයක් එළිදක්වලා තියනවා. ඒකනම් ටිකක් අප්‍රසන්න හිනාත් යන වැඩක්.

එ්ක තමයි අපජලය එහෙමත් නැත්නම් භාවිතයෙන් පසු ඉවත් කරන අපිරිසිඳු ජලයෙන් බීර වර්ගයක් නිෂ්පාදනය. ඔවුන් මේ නිෂ්පාදනය නම් කරලා තියන්නේ Full Circle Pale Ale කියලයි. මේක හදන්න  වතුර අරගෙන තියන්නේ සැන් දියාගෝ වල අපවහන ජලය ප්‍රතිචක්‍රීකරණ  ව්‍යාපෘතියකින්.

අප ජලය දකිනකොට අප්‍රසන්න උනාට ප්‍රතිචක්‍රීකරණයෙන් පසසේ මේවා භාවිතයට සුදුසුයි කියලා මේ ගොල්ලෝ ඔප්පු කරලා තියනවා. අප ජලය පිරිසිඳු කරනවා බලන්න කැමති අය පහල වීඩියෝ එක බලන්න.
http://www.edwardsaquifer.net/media/water_recycling.mp4
මොකද හිතෙන්නේ කියලා පහලින් කොමෙන්ට් කරලාම යන්නකෝ.

No comments:

Post a Comment