දත්ත එක්රැස් කරගැනීම සඳහා මෙන්ම කවත් බොහෝ කටයුුතු සඳහා අත්‍යවශ්‍ය වන පෝරම අංගයන් නිර්මාණය කිරීම පිළිබඳව මෙහිදී විස්තර කෙරේ.
පෝරම නිර්මාණයේදී යොදන කේත සවිස්තරව පහත දැක්වේ.
කාර්යය |
කේතය(මූලික කේතය සමග අදාල කේතය ඇතුලත් කර ඇත) |
විස්තරය |
මූලික කේතය |
<FORM> </FORM> |
පෝරමයක් බව හඳුන්වයි |
ටෙක්ස්ට් බොක්ස් |
<input type="text" name="txt_name" id="txt_name" value="" size="25" maxlength="30"/> |
- 'name' මගින් යෙදෙන නම php සමග වැඩකරීමට අවශ්‍ය වේ.
- 'id' භාවිතා වන්නේ Java Script, JQuerys සහ CSS සමඟ කටයුතු කිරීමේදී ය
- 'value; මගින් ටෙක්ස්බොක්ස් එකට ටෙක්ස්ට් එකක් ඇතුලත් කර තැබීමට හැකිය.
- 'size' මගින් ටෙක්ස්ට් බොක්ස් එකේ දිග ඇතුලත් කළ හැකිය
- 'maxlength' මගින් ඇතුලත් කළ හැකි උපරිම අනුලක්ෂණ ප්‍රමාණය දක්වයි
|
ඩ්‍රොප් ඩවුන් ලිස්ට් |
<select name="ddl_city"> <option>select one....</option> <option>KALUTHARA</option> <option selected> GALLE</option> <option>KANDY</option> </select> |
- 'option' මගින් ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එක සඳහා ඔප්ෂන්ස් නිර්මාණය කළ හැකිය.
- 'selected' යන්න <option selected > ලෙස ඔප්ෂන් ටැග් එක තුල යෙදුනු විට, පිටුව ලෝඩ් වන අවස්ථාවේදී ලිස්ට් එකෙහි පෙර නිමි තේරීම වන්නේ එම ඔප්ෂන් එකයි
|
ටෙක්ස්ට් ඒරියා |
<textarea name="emp_eq" id="emp_eq" cols="40" rows="20"> VALUE </textarea> |
- 'cols' මගින් ටෙක්ස්ට් ඒරියා එකේ පළළ නිරූපණය වේ.
- 'rows' මගින් ටෙක්ස්ට් ඒරියා එකේ උස නිරූපණය වේ.
|
ඔප්ෂන් බට්න්ස් |
<input type="radio" name="emp_gen" id="emp_M" value="M" checked >Male</input> |
- 'value' මගින් දක්වන්නේ එම බට්න් එක සිලෙක්ට් කර ඇති අවස්ථාවේදී පෝස්ට් කරන අගය යි.
- 'checked' මගින් පිටුව ලෝඩ් වන අවස්ථාවේදී බට්න් ගෘප් එකෙහි පෙර නිමි තේරීම වන්නේ එම බට්න් එකයි
- 'name' බට්න්ස් එකම ගෘප් එකක් ලෙස ක්‍රියා කරවීම සඳහ name එකට එකම අගය දිය යුතුය.
- 'id' මගින් බට්න් එකක් අනන්‍යව හඳුනාගනි යි.
|
චෙක් බොක්ස් |
<input type="checkbox" name="employee_it" id="employee_it" value="I">IT</input> |
- 'value' මගින් දක්වන්නේ එම බට්න් එක සිලෙක්ට් කර ඇති අවස්ථාවේදී පෝස්ට් කරන අගය යි.
- 'checked' මගින් පිටුව ලෝඩ් වන අවස්ථාවේදී බට්න් ගෘප් එකෙහි පෙර නිමි තේරීම වන්නේ එම බට්න් එකයි
|
නමුත් පෝරම සමඟ වැඩ කිරීමේදී HTML පමණක් ප්‍රමාණවත් නොවන අතර Java Script, php වැනි වෙබ් පාදක පරිගණක භාෂාවන් පිළිබඳවද යම් දැනුමක් තිබිය යුතුය.
උදාහරණය බාගත කරගන්න
No comments:
Post a Comment