Saturday, April 15, 2017

ගෙයක් ප්‍රින්ට් කරගමුද?

ගෙයක් හදන එක මොන තරම් නං කරදර වෙන්න ඕනෑ වැඩක් ද? ඒත් මේ අලුත් තාක්ෂණයත් එක්ක හරිම සරල වෙන්නයි යන්නේ. තාක්ෂණය තමයි 3D Printing එහෙමත් නැත්නම් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය. මේක අලුත්ම අලුත් වැඩක් නෙමෙයි. ඒත් තාම අංගසම්පූරණ තාක්ෂණයකුත් නෙවෙයි. ඉතාමත් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින තාක්ෂණයක්. නිතර අන්තරජාලය පරහරණය කරන කෙනක් නම් මේ තාක්ෂණය ගැන අහල ඇති.

ඔන්න දැන් 3D මුද්‍රණය තවත් කඩඉමකට ඇවිත් තියනවා. ඒක ගොඩක්ම වැදගත් කඩයිමක්. ඒ තමයි ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතයයෙන් නිවසක් මුද්‍රණය කිරීම. මේක තමයි ත්‍රිමාණ තාක්ෂණයෙන් හදපු ලෝකයේ පළමු වාසයට සුදුසු නිවස. ඒක නෙවෙයි මේකේ තියන වටිනාම කාරණාව තමයි මේක හදන්න ගිහින් තියන්නේ පැය දවසකටත් වඩා අඩු කාලයක් වීම. මේක හදන්න වියදම් වෙලා තියන්නේ ඩොලර් 11,000 කටත් අඩු මුදලක්.
මේ ගෙදර තියන්නේ මොස්කව් වල. නිර්මාණය කරපු සමාගම ( tech startup Apis Cor) කියන විදියට මේ තාක්ෂණය වේගවත් හා කාර්ක්ෂම වගේම බොහොම විශ්වාසනීය සහ පරිසර හිතකාමී එකක් ලු. ඒ ගොල්ලෝ මේ නිවස මුද්‍රණය කරන්න පාවිච්චි කරලා තියන්නේ ජංගම මුද්‍රණ යන්ත්‍රයක්. නිර්මාණය කරලා තියන්නේ කොන්ක්‍රීට් වලින්. වහලය සහ ජනේල නම් මුද්‍රණය කරපුවා නෙවෙයි වෙනම ගෙදර ප්‍රින්ට් කලාට පස්සේ තමයි හයිකරලා තියන්නේ.
ගෙයක් ප්‍රින්ට් කරගන්න කැමති අය ඉන්නවනම් ඔන්න ට්‍රයි කරලා බලන්න. මට හිතෙන්නේ නම් මේක අපූරු වැඩක් කියලයි. වෙන වෙන විදියට හිතෙනව නම් (මොනවම හරි අදහසක් තියනවා නම්) කොමෙන්ට් එකක් දාලම යන්න.

Wednesday, April 5, 2017

අසංක ප්‍රියමන්ත - සඳ දෙව්දුව


ගොඩක්ඔ කාලෙකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්න පුළුවන් උනේ පස්වෙනි මියුසික් ඇල්බම් එකත් ගෙනාවා. මේකත් හරිම ලස්සන අර්ථවත් ගීත 20 ක එකතුවක් අසංක ප්‍රියමන්ත දැන් සිංදු කියනකොට නහයෙන් කිව්වට ඒ කාලේ සිංදු හරි ලස්සනයි. අහලම බලන්නකෝ. ඩවුන්ලෝඩ් කලින් විදියමයි. සම්පූර්ණ ඇල්බම් එක වගේම වෙන වෙනම ඩවුලෝඩ් කරන්න පුළුවන්.

01 අඳුර ඉකිබිඳින Download
02 දැකුම්කලු දර්ශනී Download
03 ගීතයක් සේ Download
04 හුදකලා විරාමයේදි Download
05 කඳුලු හුරතල් වැඩිද මන්දා Download
06 කවියක් වී තොල් පෙති මත Download
07 කිරිල්ලියෝ Download
08 මගෙ සිතද ඔබෙයි Download
09 මල් වැහි සේ වැහි Download
10 මුදුන් වෙලා සිත Download
11 ඔබේ සිනා මුව මුව මඬලට Download
12 රනේරුවට රත්තරනින් Download
13 සඳ නාවත් Download
14 සද සාවි මගේ Download
15 සඳ සේ නිලම්බරේ Download
16 සීතල මීදුමේ Download
17 සිහින තොටින් Download
18 සිකුරා නලල් තලේ Download
19 සුරංගනාවෝ Download
20 සුසානයක නොදැවී Download


Monday, March 6, 2017

කොන්ක්‍රීට් මූලධර්ම පොත PDF ගන්න



කොන්ක්‍රීට් ගැන ඉගෙනගන්න ආස හැමෝටම මෙන්න කොන්ක්‍රීට් මූලධර්ම පිටු 75 ක් තියන පොතක් PDF ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පහල තියන ලින්ක් එකෙන් යන්න.

ඩවුනලෝඩ් කරගන්න පහලින් තියන Download Now කියන එකක් උඩ ක්ලික් කරන්න එතකොට වෙන ටැබ් එකක් ඕපන් වෙලා ඇඩ් එකක් එයි. තත්පර පහකින් ඒ පිටුවේ උඩ තියන Skip Ad බට්න් එක උඩ ක්ලික් කරන්න. ඒ විදියට දෙපාරක් කරනකොට ගූගල් ඩ්‍රයිව් එකෙන් ෆයිල් එක ඕපන් වෙයි. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. (එහි ඉහල කෙලවර පහලට ඊතලයක් ලෙස බට්න් එක තිබේ.)